Gnome Desktop Environment එක උබුන්ටු මත ස්ථාපනය කරමු.

2014-12-26 05:30:04 By Ganidu

gnomeubuntu-vert-wh

 

උබුන්ටු මත එන අළුත්ම Unity Desktop Environment එක මත  වැඩ කරන එක  පැරණි Gnome Desktop Environment එකත් එක්ක වැඩ කිරීම තරම් පහසු නැහැ. Application open කරන්න ගියාම තරමක් අපහසුයි. ඒ වගේම RAM එකෙත් විශාල ඉඩ ප්‍රමණයක් ගන්නවා. මේකට විසදුමක් වශයෙන් gnome classic Desktop Environment එක උබුන්ටු මත ස්ථාපණය කර ගන්න පුළුවන්.  මේ සදහා අන්තරජාල  සම්බන්ධතාවයක් අවශ්‍ය වෙනවා.

  (01) පළමුව Terminal එක විවෘත්ත කර ගන්න ( press Ctrl + Alt + T). ඉන් පසු පැකේජයන් පිළිබද තොරතුරු යාවත්කාලීන කිරීම සදහා පහත කේතය ඇතුලත් කරන්න.

sudo apt-get update;

    step1              

ඉන් පසු මුරපදය ඇතුලත් කරන්න.

(02) Gnome Desktop Environment ස්ථාපනය කර ගැනීම සදහා පහත කේතය ඇතුලත් කරන්න.

sudo apt-get install gnome-session-fallback

step2

 (03) ඉන් පසු Gnome Desktop Environment ස්ථාපනය කර ගැනීම අවසර ඉල්ලා සිටින අතර එවිට "y "අකුර ඇතුල් කරන්න.

step3        

(04)  එවිට Gnome Desktop Environment එක ස්ථාපනය වීමට පටන් ගන්නා අතර ස්ථාපනය වූ පසු “exit” යන command එක යොදා Terminal එකෙන් ඉවත් වන්න.  

step4

 

(05) දකුණු පස ඉහළ system menu එක මත ක්ලික් කර Log Out යන්න තෝරා ඔබගේ user account එකෙන් ඉවත් වන්න.

 

step5                    

 

(06) login screen එකෙහි උබුන්ටු අයිකන් එකමත ක්ලික් කරන්න

. step6            

 

(07)  මෙහිදී ලබාගත හැකි desktop environments  ප්‍රමාණය ලැබෙන අතර එයින් GNOME Flashback (Metacity) යන්න තෝරා ඔබගේ  user account  එකෙන් පරිගණකයට ඇතුළු වන්න.

 

step7                  

 

දැන් ඔබට Gnome Desktop Environment  එකත් සමග වැඩ කිරීමට හැකියාව ලැබේ.

 

 

step8

Comments

Name (Required)
Email (Required)
Comment (Required)