Internet Security 2010 ප්‍රවේසම් වන්න !!!

2010-02-08 02:25:32 By Ganidu

Internet Security 2010 යනු ව්‍යාජ ප්‍රතිවෛරස් වැඩසටහනක් (antivirus program). Internet Security 2010 යන වෛරස් වැඩසටහන Advanced Virus Remover malware නැමති වැඩසටහනේ ක්ලෝනයක් (clone) . මෙම වැඩසටහන් දෙකටම ඇත්තේ එක සමාන පරිශීලක අතුරු මුහුනතක් (graphical user interface) . මෙම වැඩසටහන  මගින් විවිධ වර්ගයේ ට්‍රෝජන් (Trojans) වැනි වෛරස් වැඩසටහන් පතුරනු ලබයි . මෙම වෛරස් වැඩසටහන අන්තර්ජාලය ඔස්සේ පැමිණ ප්‍රතිවෛරස් වැඩසටහනක් මෙන් ඔබගේ පරිගණකයේ විශාල ප්‍රමාණයක වෛරස් වැඩසටහන් තිබෙන බවට පෙන්වමින් ඒවා ඉවත් කිරීමට නම් මෙම වැඩසටහන  අප්ඩේඩ් ( Update ) කළ යුතු බව පෙන්වමින් Internet Security 2010 වැඩසටහන මිලදී ගත යුතු බව පෙන්වමින් එය මිලදී ගැනීමට පොළබවයි.

 

 

 

 

 

එසේම වින්ඩෝස් ටාස්ක්බාර් (Windows Taskbar) තුල පහත ආකාරයේ පණිවිඩයක් ද දක්වනු ලබයි.

 

 

මෙය Spyware Doctor with AntiVirus 2010 වැනි මෘදුකාංග යොදාගෙන ඉවත් කළ හැකිය. නැතහොත් පහත වෙබ් අඩවියට පිවිසීමෙන්  මෙය මෘදුකාංගයක් යොදා නොගෙන ඉවත් කරනා ආකාරය බලාගත හැක. http://www.2-spyware.com/remove-internet-security-2010.html පහත දැක්වෙන්නේ මාගේ පරිගණකයට අද උදෑසන Internet Security 2010 වෛරසය ඇතුල්වූවිට ගත් පින්තූරයකි.

 

 

 

screen2

Comments

Name (Required)
Email (Required)
Comment (Required)
erewqr 2011-04-11 21:21:57
oka matath awa mama format kale na safe mode walin pc eka on karala system restore kala okkoma hari 5min walin virus eka ayin kara danne nethi aya formet karnna gihin wede ana gannawa
Sadeepa 2011-04-10 03:24:38
This type of virus came to my computer
sudeera 2010-07-19 10:35:22
This virus came to my laptop
ධීෂාන් 2010-02-19 23:36:38
Spyware Doctor with AntiVirus 2010 හොදයි. avast free ගැන දන්නනෙ නෑ
දොඩන් 2010-02-19 05:24:41
ඕක avast free එකට අහුවෙන්නෙ නැද්ද
කොමා 2010-02-08 04:26:34
මගේ පරිගණකයටත් ඕක ආවා. format කරනව ඇරෙන්න වෙන විකල්පයක් තිබුනෙ නෑ. ඕක ආවට පස්සෙ කිසිම Software එකක් Install කරන්න බෑ. (Virus guard, removal tools.etc) අඩුම තරමෙ කිසිම exe ගොණුවක් download කරන්නවත් බෑ.(ඕක එනකොට මගේ පරිගණකයේ virus guard එක expire වෙලා තිබුනෙ) විකල්ප ක්‍රම ඔක්කොම කරල බැලුව. හරිගියෙ නෑ. අන්තිමට format කරල දැම්මා. :)
ඔය වැඩසටහන ගැන දැනුවත් කරලා මමත් ලිපියක් ලියන්නයි හිටියෙ. මගේ යාලුවෙකුගේ ලැප් එකක් අරගෙන ආවා. මිනිහා ඉතින් ඉන්ටෙර්නෙට් අරගෙන තියෙන්නෙ බොහොම ලඟදි. මිනිහත් ඔය වැඩසටහන ස්තාපිත කරල. ඊට පස්සෙ ඉඳලා මිනිහගෙ ලැප් එකේ එක එක ලෙඩ දෙන්න පටන් අරගෙන, ඒ මදිවට වයිරස් තියෙනව කියල එක එක මැසේජස් එන්නත් අරගෙන. බැරිම තැන මට ගෙනල්ල පෙන්නුවට පස්සෙ තමයි මම දැක්කෙ. මුලින් මටත් හිතාගන්න අමාරු වුනා. නමුත් Add/remove programs වල ඔය වැඩසටහන තිබුනු නැති හින්ද මට ආපු සැකයට තමයි මම ඕක ගැන හොයලා බැලුවෙ. කොහොම නමුත් නොදන්න කෙනෙකුගෙ PC එකකට මේක ඇතුල් වුනොත් ලොකු ලෙඩක් වෙනවා.