Photoshop වල Tools හදුනාගැනීම ( Photoshop 2 කොටස )

2010-02-06 03:02:35 By Ganidu

Rectangle Marquee Tool   - පින්තූරයකින් හතරැස් කොටුවක කොටසක් මෙමගින් තෝරා ගත හැකිය.Shift යතුර භාවිතා කරමින්  ඇදීම සිදුකළ හොත් සමචතුරස්‍රාකාර කොටසක් තොරා ගත හැකිය.

 

Ellips Marquee Tool   - ඕවලාකාර හැඩයක් සහිත ප්‍රදේශයක් මෙමගින් තෝරා ගැනීමට පුළුවන. Shift යතුර භාවිතා කරමින්  ඇදීම සිදුකළ හොත් රවුමක හැඩයට තෝරා ගැනීමක් කළ හැකිය.

 

Single Row Marquee Tool  - පේලියක් ආකාරයට යම් කිසි ප්‍රදේශයක් තෝරා ගැනීමට මෙය භාවිතා කළ හැකිය.

 

Single Colom Marquee Tool  - තීරුවක් ආකාරයට යම් ප්‍රදේශයක් තෝරා ගත හැකිය.

 

Move Tool  - තෝරාගත් කොටසක් හෝ සම්පූර්ණ ඡායාරූපයම  වෙනත් තැනකට ගෙන යාම සදහා භාවිතා‍ කළ හැකිය.

 

Lasso Tool  - පැන්සලක් භාවිතා කර යම් කිසි කොටසක් තෝරා  ගැනීමක් සිදුකරනවා  සේ මෙම ටූලය මගින් රේඛාවක් ඇද අවශ්‍ය ස්ථාන තෝරා ගත හැකිය. මෙම ටූලය භාවිතා කිරීමේදී තෝරා  ගැනීම සම්පූර්ණ වීමට නම් ආරම්භක ස්ථානය වෙත  අදාල රේඛාව සම්බන්ධ කල යුතුය.

 

Polygon Lasso Tool  - ඍජු හා නැවුම් යන ආකාර දෙකටම අදාලව තෝරා සිදු කිරීමට මෙම ටූලය මගින් හැකිය. එක් ස්ථානයක ක්ලික් කර වෙනත් දුර ස්ථානයක ක්ලික් කළහොත් ස්ථාන දෙක යාවන පරිදි ඍජු තේරීම් රේඛාවක් බිහිවේ. නැවීම් සහිත ස්ථාන වලදී ඉතා ලගින් ලගින් ක්ලික් කර නැවීම් හැඩයට අනුවද තේරීම් රේඛාව ගමන් කරවිය හැකිය . ආරම්භක හා අවසන් ස්ථාන යාවන පරිදී තේරීම්  රේඛා සම්බන්ධ කිරීමද මෙහිදී අවශ්‍ය වේ.

 

Magnetic Lasso Tool  -  ඡායාරූපයේ පවතින වර්ණ වලට සාපේක්ෂව තේරීම් රේඛා ගමන් කෙරේ.  තේරීමට අවශ්‍ය කොටසට සම්බන්ධ ස්ථානයේ වරක් ක්ලික් කර අවශ්‍ය  ප්‍රදේශය දිගේ මවුසය ගෙන යන විට වර්ණ හා සම්බන්ධ රේඛා වෙත ඉබේ සම්බන්ධ වීමක් මෙමගින් සිදුවේ.

 

Magic Wand Tool  - සම වර්ණ වලින් යුක්ත ඕනෑම ප්‍රදේශයක් එක වර තෝරා ගැනීම මෙම ටූලය මගින් සිදුකළ හැකිය.

 

Crope Tool  - ඡායාරූපයක අවශ්‍ය කොටසක් පමණක් තෝරා ගැනීමටත් ඉතිරි කොටස් ඉවත් කිරීමත් මෙම ටූලයෙන් කළ හැකිය. අවශ්‍ය කොටස පමනක් යාවෙන පරිදි ඇදීමෙන් පසු මවුසය ලිහිල් කර  Enter යතුර වරක් ඔබන්න. එවිට තෝරා ගත් කොටස පමණක් ඉතිරි වී අනෙක් කොටස් ඉවත්ව යයි.

 

Slices Tool  - ඡායාරූපය කොටස් වශයෙන් වෙන් කර ගැනීමට මෙම ටූලය මගින් හැකිය.

 

Slice Select Tool  - ඉහත Slices ටූලය මගින් Slices කරගත් කොටස් තැනකින් තැනකට ගමන් කරවීම (Move කිරීම) කළ හැක්කේ මෙම ටූලය මගින්ය.

 

Healing Brush Tool  - එක් ස්ථානයක ඇති වර්ණයක් හෝ හැඩයක් තවත් ස්ථානයකට ගැනීමට මෙම ටූලය භාවිතා කරයි.

 

Patch Tool  - ඉවත් කළ යුතු යම් කොටසක්  තොරා ගැනීමටත් , ඒ ආශ්‍රීතව පවතින වර්ණයේ පසුබිම ඒ ආකාරයෙන්ම ලබා ගැනීමටත් මෙම ටූලය මගින් කළ හැකිය.

 

Paint Brush Tool  - ඡායාරූපයක ඕනෑම කොටසක් වර්ණ යොදාගෙන පාට කිරීමට මෙම ටූලය මගින් කළ හැකිය.

 

Pencil Tool  - ඉතා සිහින් ප්‍රමාණයේ රේඛා යොදා ගෙන පාට කිරීමට යොදා ගනී. නැතහොත් පැන්සලක් මෙන් ක්‍රියා කරයි.

 

Clone Stamp Tool  - යම් කිසි ස්ථානයක ඇති වර්ණයක් / රූපමය ස්ථානයක් ඒ ආකාරයෙන්ම වෙනත් ස්ථානයකට ගැනීමට  යොදා ගනී

 

Pattern Stamp Tool  - විවිධ මොස්තර අනුව පින්තාරු කිරීමට , දැනට පරිගණකයේ ඇති මොස්තර හෝ ඔබ විසින් නිර්මාණය කළ මොස්තර මේ සදහා භාවිතා කළ හැකිය.

 

History Brush Tool  - මෙම ටූලය මගින් සිදුවන්නේ වෙනත් ටූලයක් මගින් සිදුකරන ලද වෙනස් කිරීමක් ඉවත් කිරීමයි.

 

Art Brush Tool  - මෙම ටූලය මගින් ඡායාරූපයක වර්ණ බොද කිරීමක් සිදු කළ හැකිය. තනි වර්ණයක් පවතින විට මෙහි ක්‍රියාකාරීත්වය දැකිය නොහැක.

 

Eraser Tool  - ඡායාරූපයක ඕනෑම ස්ථානයක් මකා දැමීම මෙම ටූලය මගින් කළ හැකිය. Background Eraser Tool  - මෙම ටූලය මගින් ඡායාරූපයක යටින් පවතින තවත් ඡායාරූපයක වර්ණ හෝ රූපමය තත්වයන් සියල්ල මතුපිට ඡායාරූපයට ලැබේ.

 

Magic Eraser Tool  - මෙම ටූලය මගින් එකවර විශාල ප්‍රදේශයක් ඉවත් කළ හැක. සම වර්ණ අනුව මෙම ඉවත් වීම සිදුවේ.

 

Paint Buket Tool  - ඕනෑම වර්ණයක් ඡායාරූපයේ තෝරා ගන්නා ලද ඕනෑම ස්ථානයක් වෙත ලබා දීම මෙම ටූලය මගින් කළ හැකිය.

 

Gradient Tool  - වර්ණ කිහිපයකින් යුතු වර්ණ මෝස්ථරයක් සහිත වර්ණ ගැන්වීමක්  මෙම ටූලය උපයෝගී කරගෙන කළ හැකිය.

 

Blur Tool  - ඡායාරූපයේ අවශ්‍ය කොටසක් බොද කිරීමට මෙම ටූලය මගින් හැකියාව ලැබේ.

 

Sharpen Tool  - විවිධ වර්ණ වලින් යුක්ත Pixel වල ඇති දාර විනිවිද යමින් ඒවා වඩාත් මතුකොට පෙන්වයි.

 

Smudge Tool  - වර්ණ කිහිපයක් බොද කිරීමට මෙම ටූලය යොදා ගනී. තෙල් සායම් මගින් කරන පින්තාරු කිරීමකට සමානය.

 

Dodge Tool  - ඡායාරූපයක පවතින අදුරු සහිත ප්‍රදේශ ඉවත් කොට  ඊට අවශ්‍ය පමණට ආලෝකය ලබා දීම මෙම ටූලය මගින් කළ හැකිය.

 

Bun Tool  - Dodge ටූලයේ  ප්‍රතිවිරුද්ධ ටූලය මෙයයි. ආලෝක තත්වය වැඩි ප්‍රදේශ අදුරු බවට හැරවීමට මෙය යොදා ගනී.

 

Sponge Tool  - ඡායාරූපයක යම් ප්‍රදේශයක වර්ණ යම් ප්‍රමාණයකට වෙනස් කිරීම සදහා මෙම ටූලය යොදාගත හැක.

 

Path Selection Tool  - Vector Object එකක් නිර්මාණය කර එය තෝරා ගැනීමට, තැනකින් තැනකට ගෙන යාම ආදී දේ සදහා මෙම ටූලය උපයෝගී කර ගනී.

 

Direct Selection Tool  - අදින ලද Vector Object එකක පවතින හැඩය තවදුරටත් සංස්කරණය කළ හැක්කේ මෙම ටූලය මගින්ය.

 

Horizontal Type Tool  - මෙම ටූලය භාවිතා කිරීමෙන් ඡායාරූපය මත අකුරු ලිවිය හැක.

 

Horizontal and Vertical Type Mask Tool  - මෙම ටූල් දෙකම ඉහත ආකාරයට සිරස්ව හා තිරස්ව  අකුරු ලිවිය හැකි නමුත් අකුරු වල දාරය පමනක් මෙහිදී මතුවී පෙනෙයි.

 

Pen Tool  - අතින් ඇදිය හැකි යමක් ආශ්‍රයෙන් යම් නිර්මාණක් කිරීමෙදී මෙම ටූලය යොදා ගනී. මෙම ටූලය මගින් ඍජු රේඛා හා යා වු රේඛා නිරෟමණය කළ හැකිය.

 

Freeform Pen Tool  - පැන්සලක් මෙන් රේඛා ඇදීමට මෙම ටූලය භාවිතා කරයි.

 

Add Anchor Point Tool  - අදින ලද රේඛාවක් තව දුරටත් හැඩ ගැන්වීමේදී  අවශ්‍ය වන  Anchor Point  අවශ්‍ය ස්ථාන මතට මතුකර ගැනීමට මෙම ටූලය යොදා ගනී.

 

Delete Anchor Point Tool  - එකතු කරගත් Anchor Point  ඉවත් කිරීමට ඇති එකම ටූලය මෙයයි.

 

Convert point Tool  - ඕනෑම රේඛා හැඩයක් අවශ්‍ය පරිදී හැරවීම මෙම ටූලය මගින් කළ හැකිය.

 

Custom Shape Tool  - මේ යටතේ ඇති ඕනෑම හැඩයක් අනුව අවශ්‍ය ප්‍රමාණයට Vector හැඩයක් නිර්මාණය කරගත හැකිය.

 

Notes Tool  - ඡායාරූපයේ පිට පැත්තට වන්නට (Canvas) යම් කිසි සටහනක් යෙදීමට මෙම ටූලය භාවිතා කරයි. අවශ්‍ය ස්ථානයේ තබා වරක් ක්ලික් කළ විට ලැබෙන වින්ඩෝවේදී ලිවීම කළ හැක.

 

Audio Annotation Tool  - මෙම ටූලය මගින් ඡායාරූපයට හඩ එකතු කළ හැකිය.

 

Eyedropper Tool  - ඡායාරූපයක පවතින වර්ණයක් තවත් ඡායාරූපයක් මත යෙදීමේදී එම වර්ණය පියවි ඇසට නිශ්චිතවම හදුනා ගැනීම අපහසුය.  ඡායාරූපයක පවතින වර්ණයක් තෝරා ගැනීමේදී Eyedropper ටූලය භාවිතා කිරීමෙන් එම වර්ණය හදුනාගත හැකිය.

 

Color Sampler Tool  - ඡායාරූපයක පවතින ප්‍රධාන වර්ණ අවස්ථා කොපමණ ප්‍රමාණයක් පවතින්නේ ද යන්න මෙම ටූලයෙන් පරීක්ෂා කළ හැකිය.

 

Ruler  Tool  - පින්තූරයක දිග/පළල මැන බැලීමට මෙම ටූලය යොදා ගනී. අවශ්‍ය ස්ථානයේ තබා ඇද අවසන් කිරීමට අවශ්‍ය ස්ථානයේදී අතහරින්න. එවිට එහි ප්‍රමාණය Option bar තුල දිස්වේ.

 

Hand Tool  - මෙම ටූලය භාවිතා කර ඡායාරූපයක එක් කෙළවරක සිට අනෙක් කෙළවර වෙත  ඡායාරූපය එහා මෙහා කළ හැකිය. විශාල ඡායාරූපයක් සංස්කරණයේදී උපකාරී වේ.

 

Zoom Tool  - ඡායාරූපයක්  සමීප ලෙස පරීක්ෂා කිරීමට ( විශාල කර බැලීමට ) මෙම ටූලය මගින් පුළුවන. 

Comments

Name (Required)
Email (Required)
Comment (Required)
GAYAN 2010-02-10 23:37:51
THANKS DEAR.IT IS VERY IMPORTANT 4 US.
කසුන් 2010-02-07 19:26:29
එහොම යං
hashan 2010-02-06 04:46:17
important post.