Adbrite වල දැන්වීම් පෙන්නෙ නැද්ද ? ලැබෙන ගාන අඩුද ?

2010-12-14 02:33:25 By Ganidu

 

ලංකාවේ හුගක් අයට තියන ගැටළුවක් තමයි Adbrite  වල දැන්වීම් පෙන්නෙ හරි හැටි නොපෙනීම. ඇත්තටම Adbrite  වල දැන්වීම් නැද්ද ?.  Adbrite  වල දැන්වීම් ඕනෑතරම් තියනවා. google adsense වලට පසු තිබෙන හොදම සේවාවක් තමයි Adbrite  කියන්නෙ. මූලික ගැටළුව තමයි අපි Adbrite  දැන්වීම් සිංහල වෙබ් අඩවි වලට දැමීම. Adbrite දැන්වීම් සිංහල වෙබ් අඩවි සදහා සහය දක්වනවා අඩුයි. ඒ වගේම Adbrite වැනි ආයතන නිතරම උත්සහ ගන්නෙ ඔවුන්ට දැන්වීම් ලබාදෙන ආයතන හා පුද්ගලයන්ව සුරක්ෂිත කිරීමටත් ඔවුන්ට උපරිම ප්‍රතිලාභයක් ලබාදීමටත්. ඒ කියන්නෙ ව්‍යාජ දැන්වීම් නැරඹීම් වැළැක්වීමටත් ඔවුන් ගෙවන මුදලට උපරිම ප්‍රතිලාභයක් ලබා දීමටත් මෙවැනි ආයතන උත්සහ කරනවා.

Adbrite  දැන්වීම්  ක්‍රියාත්මක වන්නේ කොහොමද ?

ප්‍රධාන වශයෙන් දැන්වීම් ප්‍රදර්ශණය වන්නේ ඔවුන්ට දැන්වීම් ලබාදෙන පුද්ගලයන්ගේ අවශ්‍යතාව අනුව. එනම් දැන්වීම ලබාදෙන තැනැත්තා විසින් නියම කරන කාලය තුල , නිශ්චිත වටිනාකමක් දක්වා තෝරා ගන්නා ලද රටවල් සදහා මෙම දැන්වීම් ප්‍රදර්ශණය කරනු ලබනවා.

මෙලෙස ලබාගන්නා දැන්වීම් වෙබ් අඩවි වල ප්‍රදර්ශණය කිරීමේදී ඔබගේ බ්‍රවුසරය තුල ගබඩා වී ඇති දත්ත (Cookies) යොදා ගැනීම සිදුකරනවා. ගබඩා වී ඇති  Cookies ප්‍රමාණය වැඩිවන තරමට ඔබට දක්නට ලැබෙන Adbrite  දැන්වීම් ප්‍රමාණය වැඩිවනවා . මෙම Cookies ඔබගේ බ්‍රවුසරය තුල ගබඩා වී නොමැති  නම් ඔබට දැන්වීම් දක්නට ලැබෙන්නේ නැහැ. ඔබ Adbrite ගිණුම් හිමියෙක් නම්  , ඔබ Adbrite ගිණුමට පිවිසි පසු බ්‍රවුසරයේ Cookies ඉවත් කලේ නැත්නම් ඔබගේ වෙබ් අඩව් වල Adbrite දැන්වීම් ප්‍රදර්ශණය වනවා දක්නට ලැබෙන්නේ ඉතාමත් අඩුවෙන්. ඔබගේ වෙබ් අඩව්ය පිළිබද දත්ත හා අන්තර්ගතය මෙම Adbrite දැන්වීම් ප්‍රදර්ශණය සදහා යොදාගනු ලබනවා.

ලැබෙන ගාන අඩුද ?

ඔබගේ වෙබ් අඩවියට පිවිසෙන අයෙකු එහි ඇති Adbrite  දැන්වීමක් ක්ලික් කල පමණින් මුදල් ලැබෙන්නෙ නැහැ. එම දැන්වීම ක්ලික් කල පුද්ගලයා ඊට අදාල වෙබ් අඩවියට පිවිසි පසු එහි රැදී සිටි කාලය , එහි පිටු පෙරළුම් ප්‍රමාණය මත තමයි මෙම ලැබෙන මුදල තීරණය වන්නේ. ඒ වගේම දැන්වීම්කරු  ගෙවීමට අපේක්ෂිත මුදලත් මෙහිදී වැදගත් වනවා.

Comments

Name (Required)
Email (Required)
Comment (Required)
sameera 2011-08-19 06:23:32
hoda lipiyak...
Namila 2010-12-15 11:23:14
ela lipiyak :D :D
roky 2010-12-14 09:15:47
math iplusta ekaga wenawa.
Geeth | ගීත් 2010-12-14 08:46:42
ඔවු වැදගත් ලිපියක්..... ජය෴ @ iPlus හොර ක්‍රමයක් තියනව.... contact me :)
iPlus 2010-12-14 07:27:58
වැදගත් ලිපියක්. හැබැයි, ඇඩ් ගන්න හොර ක්‍රමයක් හරි යෝජනා කලානම් තමා තවත් හොද.