Search engine optimization (SEO) කියන්නේ මොකක්ද ?

2010-12-06 05:27:00 By Ganidu

seo

 

Search engine optimization යනු සෙවුම් යන්ත්‍රයක සෙවුම් ප්‍රතිඵල සහිත වෙබ් පිටු අතරින් මුල් පිටු කිහිපයට තමන්ගෙ වෙබ් අඩවියක් ගෙන ඒම සදහා සිදුකරනු ලබන ක්‍රියාවලියක්. මෙයට Web Search, Image Search, Video Search ආදී සියළුම සෙවුම් යන්ත්‍ර අදාල වන අතර මෙය විශාල කාලයක්, ශ්‍රමයක් හා මුදලක්ද වැයවේ.

Search engine optimization කිරීමෙන් තිබෙන ප්‍රයෝජන මොනවාද ?

Search engine optimization කිරීමෙන් තිබෙන ප්‍රධානම ප්‍රයෝජනය වන්නේ ඔබගේ වෙබ් අඩවියට පැමිණෙන පිරිස වැඩිකර ගත හැකි වීමයි. මීට අමතරව පැමිණෙන පිරිස වැඩි වීම නිසා වෙබ් අඩවියෙන් ඉපයිය හැකි ආදායම වැඩිවනවා සේම වෙබ් අඩවියේ වටිනාකමද වැඩිවේ.

Search engine optimization කරන්නෙ කොහොමද?

මෙය තරමක් සංකීර්ණ කාර්යක්. වර්ථමානයේ සෙවුම් යන්න්‍ර අතර පවතින තරගකාරීත්වය නිසාම කලින් කළට ඒවායේ ස්වරූපය, ක්‍රියකරන ආකාරය වෙනස් වන අතර සෙවුම් ප්‍රතිථල සදහා වෙබ් ලිපින අනුපිළිවෙල සකස් වන ආකාරය ඒ ඒ සෙවුම් යන්ත්‍ර වලට සුවිශේෂී ක්‍රම භාවිතා කරනු ලබනවා. සෙවුම් ප්‍රතිථල සදහා වෙබ් ලිපින අනුපිළිවෙල සකස් වන ආකාරය පිළිබදව රහස දන්නේ එම සෙවුම් යන්ත්‍ර නිර්මාණය කළ පුද්ගලයන් පමණයි. වර්ථමානයේ SEO සිදු කරනු ලබනුයේ ඒ ඒ සෙවුම් යන්ත්‍ර වල හැසිරීම පදනම් කරගෙනයි. උදාහරනයක් හැටියට ගුගල් සෙවුම් යන්ත්‍රය සදහා භාවිතා කරන ක්‍රම යාහූ සෙවුම් යන්ත්‍රය සදහා ඒ ආකාරයෙන්ම ක්‍රියා නොකරයි.

SEO සිදුකිරීම ප්‍රධාන වශයෙන් ක්‍රම දෙකකට සිදු කළ හැකියි. පළමු එක තමයි keywords  හා backlinks භාවිතා කර  SEO සිදුකිරීම. දෙවැන්න වන්නේ තමාට අවශ්‍ය සෙවුම් යන්ත්‍රයේ ප්‍රතිථල අතරට තමාගෙ වෙබ් අඩවිය පිළිබද දැන්වීම් යෙදීම. මින් දෙවැන්න සදහා විශාල මුදලක් වැය වන අතර එහි ප්‍රතිථලය ඉතා ඉක්මනින් ලබා ගත හැක. එහිදී ඔබේ අඩවිය සෙවුම් ප්‍රතිථල අතරින් ඉදිරියට නොඑන අතර දැන්වීමක් ලෙස ප්‍රදර්ශණය කෙරේ. නමුත් පෙර පැවතියාට වඩා ඉහළ ස්ථානයකට ගත හැක.

පළමුව සදහන් කළ ක්‍රමය සිදුකිරීමේදී සෙවුම් යන්ත්‍රවල හා තමාගේ වෙබ් අඩවියෙහි හැසිරීම පිළිබදව මනා අවබෝධයෙන් සිදුකළ යුතුයි. මෙම ක්‍රමය වඩාත් වැදගත් වන්නේ ගූගල් සෙවුම් යන්ත්‍රය සදහායි. එහිදී වෙබ් අඩවිය සදහා සුදුසු යැයි හදුනාගත් keywords  භාවිතා කරමින් backlinks යෙදිය යුතුයි. මෙහිදි backlinks යෙදිය යුත්තේ Google Pagerank අගය වැඩි වෙබ් අඩවියක. එනම් PR  අගය 1 ක් වන වෙබ් අඩවියකින් ලබා ගන්නා backlink එකකට වඩා PR අගය 3 ක් වන වෙබ් අඩවියකින් ලබා ගන්නා backlink එක වටිනාකමින්  වැඩිය. ඒ වගේම Dofollow backlinks: (SEO වලට සහාය  දක්වන) ලබා ගැනීමත් වැදගත්. මෙලස backlinks යෙදීම පමණක් කිරීම ප්‍රමාණවත් මදි. ඔබ විසින් නිරන්තරයෙන්ම යාවත්කාලීන කළ යුතුයි. ඒ වගේම නව තෙරතුරු , ජනප්‍රියතාව අනුව ලිපි සැකසීම, වැනි දෑ සිදු කළ යුතුයි. ඔබ නිවැරදිව backlinks යෙදුවානම් ඔබේ වෙබ් අඩවියේ Google Pagerank අගය වැඩි වේවි. සාමාන්‍යයෙන්  Google Pagerank අගය වෙනස් වීමට කාලයක් ගත වෙනවා. ඒ වගේම සෙවුම් ප්‍රතිථල අතරින් ඔබේ වෙබ් අඩවියට හිම් ස්ථානය වෙනස් වීමට කාලයක් ගත වෙනවා. තවත් වැදගත් කාරණයක් තමයි ඔබේ වෙබ් අඩවියේ පිටු වල Title, Description, Keywords ආදිය ගැනත් සැළකිලිමත් වීම අනිවාර්යයි.

මෙහිදී ඔබ කොතරම් කාලය මෙයට වැය කරනවාද යන්න තමා වැදගත් වෙන්නේ. ඒ වගේම නිවැරදි අවබෝධයකින් කළ යුතුයි.

Comments

Name (Required)
Email (Required)
Comment (Required)
haree 2010-12-07 04:29:01
good post.........
Geeth | ගීත් 2010-12-06 09:13:54
හොඳ ලිපියක් !!
ධීෂාන් 2010-12-06 09:08:24
මං ලිව්වයි කියලා ඔයාගේ ලිපිය නවත්වන්න එපා. ඔයාටත් ඒ ගැන ලියන්න පුළුවන්.
iplus 2010-12-06 08:25:44
ගොඩක් වටින ලිපියක්. තරහවෙන්න එපා. මාත් මේ ගැන ලිපියක් ලිය ලිය හිටියේ. හැබැයි ඒකට වඩා ගොඩක් උබේ එක හොදයි. මගේ රෙද්ද මං අකුලාගන්නම්. ඔබට ජය!
රාළ 2010-12-06 08:14:40
වටිනා කියන පෝස්ට් එකක්. තෑන්ක්ස්.