ඇත්තටම අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පුළුවන්ද ?

2010-08-20 07:26:42 By Ganidu

අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම මේ දවස් වල වැඩිපුර දක්නට ලැබෙන මාතෘකාවක්. පත්තර වල දැන්වීම් පළ කරමින් ඇතැම් පුද්ගලයන් මේ සදහා පන්ති පවා පවත්වන අතර තවත් පිරිසක් CD අලෙවි කිරීමද සිදුකරනවා.

 

ඇත්තටම අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පුළුවන්ද ?

ඔව්.  අන්තර්ජාලයෙන් මුදල් ඉපයිය හැකියි. නමුත් පත්තර වල ඇති දැන්වීම් වල ආකාරයට , CD වල ඇති ආකාරයට හෝ පන්ති වල උගන්වන ආකාරයට වෙබ් අඩවි / බ්ලොග් අඩවි නිර්මාණය කර එය වෙත පැමිණෙන අය ලවා වෙළද දැන්වීම් ක්ලික් කරගෙන හෝ PTC / Bux  වෙබ් අඩවි හරහා නොවේ. අන්තර්ජාලය හරහා වෙළද කටයුතු කරන , දිනකට විශාල මුදල් ප්‍රමාණයක් උපයන විව්‍ධ ආයතන හා පුද්ගලයන් සිටිනවා. උදාහරණයක් ලෙස Google, Yahoo, EBay, Amazon, Facebook , Hostgator, Justhost වැනි ආයතන දිනකට විශාල මුදල් ප්‍රමාණයක් උපයනු ලබනවා.

අන්තර්ජාලය හරහා මුදල් ඉපයීමට නම් ඒ සදහා විශාල කාලයක් හා ශ්‍රමයක් වැය කිරීමට සිදුවනවා. මේ සදහා යම් කිසි මුදල් ප්‍රමාණයක් ද වැය කිරීමට සිදුවීම අනිවාර්යයි. අන්තර්ජාලයෙන් වෙබ් අඩවියක් හෝ බ්ලොග් අඩවියක් භාවිතා කර මුදල් උපයනවා නම් අවම වශයෙන් මාසකට ඔබේ වෙබ් අඩවියට පැමිණෙන පිරිස 5000 ඉක්මවිය යුතුයි. නමුත් 5000 පමණ පිරිසක් වෙබ් අඩවියට පැමිණි පමණින් ඔවුන් සියළු දෙනාම ඔබේ දැන්වීම් නරඹන්නේ නැහැ. පැමිණි පිරිසෙන් 10% කටත් තරම් අඩු පිරිසක් තමයි දැන්වීමක් නරඹන්නේ. ඔබ නිර්මාණය කළ වෙබ් අඩවියේ අරමුණ විය යුත්තේ දැන්වීම් දමා මුදල් ඉපයීම නොවෙයි. වෙබ් අඩවියට පැමිණෙනෙන්නන් හට යම් සේවාවක් ලබා දෙන ගමන් ඒ හරහා මුදලක් ඉපයීම කළ හැකියි. ඒ වගේම ඔබ භාණ්ඩයක් හෝ සේවාවක් අලෙවි කරනවා නම් පාරිභෝගිකයන්ගේ විශ්වාසය දිනා ගැනීම ඉතා වැදගත්.

පන්ති පවත්වන , CD අලෙවි කරන පුද්ගලයන් සිදු කරනුයේ වෙළදාමක්. ඔවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය තමයි පන්ති පැවැත්වීමෙන් , CD අලෙවි කිරීමෙන් ලැබෙන ආදායම. ඔවුන් දැන්වීම් වල මසකට  අන්තර්ජාලයෙන් 100000  ක් උපයන්න ලෙස සදහන් කළත්  ඔවුන් පවා එවැනි මුදලක් උපයන්නේ නෑ.

අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම උගන්වන පන්ති හෝ CD වල සදහන්ව ඇති ආකාරයට රහස් මෘදුකාංග , රහස් ක්‍රම කිසිවක් නැහැ. ප්‍රධානම දේ තමයි ඔබේ වෙබ් අඩවියට පැමිණෙන පිරිස. පැමිණෙන පිරිස මත තමයි මුදල් ඉපයීමේ හැකියාව රැදී පවතින්නේ.

 

Comments

Name (Required)
Email (Required)
Comment (Required)
Perera 2015-01-20 07:01:09
මෙන්න මේ ලින්ක් එකෙනුත් පුළුවන් ලිපි ලියලා කොහොමද සල්ලි හොයන්නෙ කියලා ඉගෙන ගන්න. හැබැයි සිංහලෙන් ලයපු අධ්‍යාපනික ලිපිවලට විතරයි. http://www.myschool.lk/ලිපි/කොහොමද-මෙම-වෙබ්-අඩවියෙන්-මුදල්-උපයන්නේ/MTMz
Techmaker 2011-09-18 12:15:53
ලංකාවෙ ඉන්න හොරු බොරු කිය කිය class කරනව , cd විකුනනව. අපේ ගොං රැල ඒවට අහුවෙනව. මොකද්ද හේතුව?? හේතුව තමා ලංකාවෙ ඉන්න කම්මැලි හැත්තට ඕනි ලේසියෙන් නිකන් ඉදං සල්ලි හොයන්න. ඔය CD විකුණන උන්ට පුලුවන්නං මාසෙට ලක්ශයක් හොයන්න ඔයාල හිතනවද උන් CD විකුණල සල්ලි හොයයි කියල, මොන පිස්සුද.. අහුවෙන්න එපා.
Janani 2011-08-15 07:46:35
bux site ගැන දැනුවත් කිරිම හා එවායින් මුදල් තමන් සතු කරගන්නේ කොහොමද කියනවමි වටිනවා
සුනිල් 2010-12-24 03:57:58
කියන කතාව හරි හැමෝටම කරන්න බැනේ අපි වගේ අයට අර bux site ගැන දැනුවත් කිරිම හා එවායින් මුදල් තමන් සතු කරගන්නේ කොහොමද කියනවමි වටිනවා
Nethmi 2010-11-22 07:26:40
අන්තර්ජාලයෙන් මුදල් හොයන ක්‍රම රාශියක් තියෙනවා.නමුත් හුගක් දේවල වලට හොද දැනුමක් ඕනෙ වෙනව.ඒත් කිසිම දැනුමක් නැති අයෙකුට වුනත් Bux site වලින් ඉහළ ආදායමක් ලබන්න පුළුවන් කැපවීම තියෙනවනම්.මම දැනට එක Bux site එකකින් විතරක් මාසිකව $100 ක ආදායමක් ලබනව.
shihani 2010-11-22 02:54:06
මේ ක්‍රමය නම් සාර්ථකයි.. ඒත් හො  ආත්ම විශ්වාසයක් ඕන... http://camnetsl.thumblogger.com/home/log/2010/42/newbies-guide-to-become-a.html
Herath 2010-11-19 11:30:15
මමත් Article එකක් දැමිමා www.lankasky.com/blog බලන්න
sam 2010-11-11 13:25:30
ප්‍රායෝගික ලෙස ඔබට පෙනෙන දෙය නම්, නොයෙක් පුද්ගලයන් විශාල මුදලක් අයකරමින් නොයෙක් වැඩමුලු දේසන පවත්වයි. නමුත් එතරන් මුදලක් වැය කර වැඩමුලු හරහා ඉගෙනගතයුතු දෙයක් මෙහි නැත. මෙය එක් ‍රැයකින් උගත හැකි දෙයක් නොවෙයි. මේ සදහා ඔබ මනා කැපවීමෙන් මෙම කාර්යයෙහි නිරත විය යුතුයි. http://ejobslk.blogspot.com/
Sampath 2010-11-10 02:04:00
I agree above article, I have got a CD and also participated a workshop which was worth Rs. 4800, but not great benefit by participating any classes to study about e-money. they did little things in the workshop. Go to this site http://ejobslk.blogspot.com/ and get idea about what is e-money and try do work alone and don't wast money for this. I have entered main requirement to start your e-money from home. As i mentioned in the site firstly make Alertpay and Paypal account, if you are a new for e-money start by ptc sites making money bcz that is very easy way to making money. many web sites have regarding e-money, try to follow that site. Good luck............
Kasun 2010-08-30 20:50:51
ඔය ක්‍රම හොඳම ඒවා බව ඇත්ත ඒත් හැමෝටම එහෙම කරන්න බෑනේ ඒකට මුදල් වගේම ඉහල තාක්ෂණික දැනුමක්, නිර්මානාත්මක හැකියාවක් සහ විශාල කාලයක් අවශ්‍යය වෙනවා. ඒකට මම නම් දකින හොදම විකල්පය තමා බක්ස්. විශ්වාසනීය සයිට් ටිකක් හොයා ගත්ත නම් ලේසියෙන්ම හොද ගානක් හොයා ගන්න පුළුවන්. හොඳම බක්ස් සයිට් ගැන දැන ගන්න නම් මේ සයිට් එකට එන්න. http://tinyurl.com/3afszsx
V4CASH 2010-08-20 21:59:21
See this Blog site http://learn4bux.blogspot.com/ create your own web site and earn money ..
GSM SRI LANKA 2010-08-20 09:30:12
Mata nam Bux kiyana aka maha pissuwak una keeya wath watilawath na.part time ekak vidihata thamay man me wade kare.wab site akatha a...kaledima thamay patan gaththe dan awrudday masa2k vithara wenawa.web site aka patan gaththe mage class eke lamay sandahay.class eka awasanaye dina patha Aluth solution download karaganeema sandahay.ethin man me wenakota google ayathanayen check 7k mudal aragena thiyanawa.mage mulma check eka $171.27y e..ka mata labune 2009-9-24 weniday.danata labuna check eka $223.46 me..ka bankuwe mudal wemin pawathinawa. dan mata mas patha check labenawa..dan mage site akath mulu lokema publish wela dawasakata 1500 vithara balanawa.mage pat time wade mehemay sarthaka une...math danna sinhalen liwwa.sinhala unicode sellamanam man danne na....samadenata sthuthiy....GSM SRI LANKA
ධීෂාන් 2010-08-20 09:13:27
මම සදහන් කලේ PTC / Bux වෙබ් අඩවි ගැන නොවෙයි. තමන්ගේම වෙබ් අඩවි පිළිබද. PTC / Bux වෙබ් අඩවි විශ්වාස නෑ. ඒවා හොද traffic exchange වැඩ වලට.
geeth | ගීත් 2010-08-20 08:52:29
ඔවු ඔයා කියන කථාව ඇත්ත‍. ටිකක් මහන්සි වෙන්න ඕන තමයි. මටත් මීට දිනකට කලින් bux අඩවියකින් මුදල් ලැබුනා. Payment Proof එක බලනවානම් click here