Wordpress 3.0 ස්ථාපනය කිරීම

2010-07-21 22:54:28 By Ganidu

wordpress

 

Wordpress වර්ථමානයේ බ්ලොග් අඩවි නිර්මාණය සදහා මෙන්ම ඇතැම් අවස්ථාවලදී වෙබ් අඩවි නිර්මාණය සදහා යොදා ගන්නා ජනප්‍රිය PHP Application එකකි. එහි නවතම සංස්කරණය වන්නේ Wordpress 3.0 සංස්කරණයයි. මෙම සංස්කරණය මීට පෙර පැම්ණි සංස්කරණ වලට වඩා නවීකරණය වූවකි. මීට පෙර පැම්ණි සංස්කරණ වලදී බ්ලොග් අඩවිය Menu එකක් ඇතුලත් කිරීමට අවශ්‍ය නම් ප්ලගිනයක් හෝ Menu එකක්  ක්‍රියාත්මක වන theme එකක්  යොදා ගැනීමට සිදුවුවත් 3.0 සංස්කරණය තුල  Menus නමින් Wordpress අංගයක් එකතු කර තිබෙනවා. එසේම පෙර සංස්කරණ වලදී Wordpress සමග theme දෙකක් ලබාදුන්නද නව සංස්කරණ සමග ලබාදෙනුයේ එක් theme එකක් පමණි. Wordpress ස්ථාපනය කර ගැනීම සදහා පළමුව ඔබ විසින් Wordpress වෙබ් අඩවිය මගින් Wordpress 3.0 සංස්කරණය බාගත කරගෙන  Wordpress ස්ථාපනය කිරීමට යන වෙබ් ලිපිනයේ Folder එක මතට Upload කර ගන්න. ඒ සමගම MySQL Database එකක් නිර්මාණය කරගන්න.

 

ඉන්පසු අදාල වෙබ් ලිපිනය වෙත පිවිසෙන්න. එවිට පහත පරිදී වෙබ් පිටුවක් ලැබෙන අතර එහි Create a Configuration File යන්න මත ක්ලික් කරන්න.

 

Wordpress

 

මීලග පියවරේදී ඔබට MySQL Database එකට අදාල අවශ්‍ය වන තොරතුරු දක්වයි.

 

wordpress

 

මීලග පියවරේදී ඔබ විසින් නිර්මාණය කර ගත් MySQL Database එකට අදාල තොරතුරු විමසන අතර එයට අදාල තොරතුරු ලබා දෙන්න. එහි වෙබ් පිටුවට අදාල ඡායාරූපයට පහත දක්වා ඇත.

 

 

 

 

එලෙස MySQL Database එකට අදාල තොරතුරු ලබා දුන් පසු Wordpress වලට අදාල MySQL Database එක ස්ථාපනය වන අතර මීලගට ලැබෙන වෙබ් පිටුවේදී ඔබගේ බ්ලෝග් අඩවියට හෝ වෙබ් අඩවියට අදාල දත්ත ඇතුලත් කළ යුතුය. එනම් Site Title යන්න ඉදිරියෙන් ඔබගේ අඩවියේ නමත් , Username යන්න ඉදිරියෙන් ඔබ කැමති Username එකක් ( මෙහි ඉදිරියෙන් admin ලෙස සදහන් වන අතර අවශ්‍ය නමි වෙනත් නමක් ඇතුලත් කළ හැක. ) , Password යන්න ඉදිරියෙන් ඔබ කැමති මුරපදයක් ( මෙය දෙවරක් සටහන් කළ යුතුය ) , email යන්න ඉදිරියෙන් ඔබගේ ඊමේල් ලිපිනයත් සටහන් කරන්න. ඔබගේ බ්ලෝග් අඩවිය හෝ වෙබ් අඩවිය සෙවුමි යන්ත්‍ර වලට ඇතුලත් විය යුතු නම් ඉහත තොරතුරු වලට පහතින් ඇති Allow my site to appear in search engine like google and Technoratiයන්න ඉදිරියෙන් ඇති කොටුව තුල සළකුණ  තිබිය යුතුය. මෙයට අදාල වෙබ් පිටුව ලැබෙන විටම එම සළකුණ තිබෙන අතර සෙවුමි යන්ත්‍ර වලට ඇතුලත් නොවිය යුතු නම් සළකුණ  මත ක්ලික් කිරීමෙන් එය ඉවත් කරන්න. මෙය Wordpress ස්ථාපනයෙන් පසුව වුවද සැකසිය හැක.

 

wordpress

 

සැලකිය යුතුයි - ඉහත සදහන් කළ Allow my site to appear in search engine like google and Technorati යන්න ඉදිරියෙන් ඇති කොටුව තුල සළකුණ ඇතුලත් වීමෙන් ස්වයංක්‍රීයව සෙවුමි යන්ත්‍ර තුලට ඔබගේ අඩවිය ඇතුලත් නොවන අතර එමගින් සිදුකරනුයේ ඔබගේ අඩවිය සෙවුමි යන්ත්‍ර තුලට ඇතුල් වීම වැලැක්වීම හෝ ඇතුල් වීමට අවස්ථාවක් ලබා දීමයි. ඔබ විසින් ඔබගේ අඩවිය සෙවුමි යන්ත්‍ර වලට ඇතුල් කිරීමක් කළ යුතුය. ඔබ ඉහත පියවර සියල්ල නිවැරදිව අනුගමනය කළා නම් ඔබ Wordpress ස්ථාපනය කර අවසාන අතර පහත වෙබ් පිටුව ලැබේ. එහි ඔබ ලබා දුන් Username එක පෙන්වන අතර Password එක ආරක්ෂක පියවරක් වශයෙන් පෙන්වන්නේ නැත. Log in යන්න මත ක්ලික් කිරීමෙන්  ඔබගේ Wordpress අඩවියට පිවිසිය හැකියි.

 

wordpress

 

ඔබගේ Wordpress අඩවියට පිවිසිය යුතු ලිපිනය වන්නේ www.mysite.com/wp-admin ලෙසයි. මෙහි www.mysite.com යන්න ඔබගේ Wordpress අඩවියේ වෙබ් ලිපිනය බව සළකන්න.

wordpress

Comments

Name (Required)
Email (Required)
Comment (Required)
Herath 2010-12-08 10:56:59
මචං බ්ලොග් එක හොදයි Language එක මාරු කරන හැටිත් ලියන්න ඒකත බලන අයට ගොඩාක් ප්රයෝජන වෙයි
Namila 2010-07-21 23:45:33
මේක වර්ඩ්ප්‍රෙස්ස් දාගන්න දන්නේ නැති අයට වැඩගත් post එකක් කියල මම හිතනවා. මමත් ඕක ගැන කලින් ටිකක් ලියල තියෙනවා.කැමතිනම් බලන්න ඔබට ස්තූතියි! http://wp.me/pV4FE-k
Namila 2010-07-21 23:40:57
මේක වර්ඩ්ප්‍රෙස්ස් දාගන්න දන්නේ නැති අයට වැඩගත් post එකක් කියල මම හිතනවා. මමත් ඕක ගැන කලින් ටිකක් ලියල තියෙනවා.කැමතිනම් බලන්න ;)ඔබට ස්තූතියි! http://wp.me/pV4FE-k