Facebook මගින් $100 වටිනා දැන්වීම් නොමිලේ ලබා ගැනීම

2010-01-04 20:09:53 By Ganidu

අන්තර්ජාල දැන්වීම්‍කරණය වර්තමාණයේ ඉතා ඡනප්‍රිය වෙමින් පවතිනවා. ඒ අඩු මුදලකට ලෝකය පුරා තම දැන්වීම ප්‍රචාරණය කර ගත හැකි වීමයි . මෙවැනි දැන්වීම් පළ කරන වෙබ් අඩවි විශාල ප්‍රමාණයක් පවතින අතර Facebook වෙබ් අඩවියද අන්තර්ජාල දැන්වීම්‍කරණය අතින් ඉදිරියෙන් සිටිනවා . විවිධ ආයතන විසින් Facebook වෙබ් අඩවියේ නොමිලේ දැන්වීම්‍ පළ කිරීමට අවස්ථාව සළසා දෙන අතර එවැනි එක් ක්‍රමයක් ලෙස Visa Business Network Facebook application එක හදුන්වාදීමට පුළුවන .

මේ සදහා ඔබට credit card එකක්  හෝ සම්පත් බැංකුවේ web card එකක් තිබිය යුතුවේ . නැතහොත්  ‍අන්තර්ඡාල ගෙවීම් කල හැකි කුමන හෝ කාඩ් පතක් . පළමුව ඔබගේ Facebook ගිණුමට පිවිස Facebook වෙබ් අඩවියේ පහළ ( Footer ) ඇති Advertising යන link එක මත ක්ලික් කර ඔබගේ වෙළද දැන්වීම නිර්මාණය කරගන්න . ඉන් පසු Visa Business Network Facebook application එක ඔබට සක්‍රීය කරන්න. ( Visa Business Network හි නිවැරදි දත්ත දී ගිණුමක් සකසා ගන්න ) ඔබ නිවැරිදිව එම application තුල ඇති පියවර අනුගමනය කලානම් ඔබගේ ඊමේල් ගිණුමට $100 වටිනා කූපන්පත ඊමේල් එකක් මගින් එවනු ලබයි දැන් නැවතත් Ad manage වෙතට ගොස් පහත ආකරයට කූපන් පත එක් කරගන්න. Billing > Funding sources > Enter coupon code. ඉන් පසු ඔබ පළමුව නිර්මාණය කළ දැන්වීම ඉවත් කර නැවත කූපන්පත මගින් මුදල් ගෙවන ලෙසට දැන්වීම නිර්මාණය කර ගන්න වැදගත් :- කූපන්පත වලංගු වන්නේ දින 30 ක කාලයකට පමණි . ශ්‍රී ලංකාව තුල දැන්වීම ප්‍රදර්ශණය කරනවානම් ඔබට 0.04$ පමණ මුදලක් ඔබගේ දැන්වීම මත ක්ලික් කරන වාරයක් පාසා අයවේ.  මෙම Visa Business Network Facebook application එක මගින් MySpace වෙබ් අඩවිය සදහාද 50$ ක දැන්වීම් නොමිලේ ලබාගත හැක.

Comments

Name (Required)
Email (Required)
Comment (Required)
machan 2010-02-07 23:53:07
machan weda machan meka den. 2009.12.26 Promo eka iwarai