TK ඩොමේන් නාමයක් ගැනීමට පෙර සැළකිය යුතු කරුණු

2010-07-06 06:42:30 By Ganidu

free domain

 

TK ඩොමේන් නාමය පිළිබදව මේ වන විටත් ඔබ දන්නවා ඇති. TK ඩොමේන් නාමය යනු නොමිලේ හෝ මුදල් ගෙවා ලබා ගත හැකි ඩොමේන් නාමයකි. නොමිලේ TK ඩොමේන් නාමය ලබා ගත හැකි වුවත් ඇතැම් TK ඩොමේන් නාම සදහා මුදල් ගෙවීමට සිදුවනවා. නොමිලේ TK ඩොමේන් නාමයක් ලබා ගැනීමේදී පහත කරුණු ඉතා වැදගත්.

 

1 . ලබා ගන්නා  ඩොමේන් නාමයේ උපරිම අකුරු ගණන 255 කි.

 

2 . TK ඩොමේන් නාමය සහිත වෙබ් අඩවිය සදහා දින 90 කාලයක් තුල අවම වශයෙන් වෙබ් අඩවියට පිවිසීම් 25 ක් වත් තිබිය යුතුය. එලෙස අවම වශයෙන් පිවිසීම් 25 ක් වත් නොමැති ඩොමේන් නාම ඉවත් කරනු ඇත.

 

3. TK ඩොමේන් නාමය ලබා ගත් පසු ඔබේ වෙබ් අඩවියට එක් පිටුවක්වත් එක් කරන්න.  ඩොමේන් නාමය ලබා ගත් පසු එයට අදාල වෙබ් අඩවිය නිර්මාණය කිරීමට විශාල කාලයක් ගතහොත් dot.tk  වෙබ් අඩවිය විසින් ඔබ ඩොමේන් නාමය ලබා ගෙන ඇත්තේ නොපවතින වෙබ් අඩවියකට යැයි සිතා ඔබගේ ඩොමේන් නාමය ඉවත් කිරීමට ඉඩ ඇත.

 

4 . TK ඩොමේන් නාමය යොදා නිර්මාණය කළ වෙබ් අඩවිය dot.tk  වෙබ් අඩවියේ Content Policy වලට අදාල විය යුතුයි.

 

5 . වෙනත් නොමිලේ ලබාදෙන ඩොමේන් නාමයක් භාවිතා කර නිර්මාණය කරන ලද වෙබ් අඩවියකට TK ඩොමේන් නාමයක් යෙදිය නොහැක.

 

6 . ඔබේ වෙබ් අඩවිය වෙනත් වෙබ් අඩවි වලට දමන ලද Link වලින් පුරවා සැකසීමෙන් වළකින්න.

Comments

Name (Required)
Email (Required)
Comment (Required)
maxonnet 2010-07-30 19:04:16
it was very interesting to read www.pariganaka.info I want to quote your post in my blog. It can? And you et an account on Twitter?
ධීෂාන් 2010-07-07 22:54:14
search engine එකට free domain names add කරන්න පුළුවන්. ඇතැම් විට search engine එකට domain name එකක් add වෙන්න ටික කාලයක් යනටා. paid domain name වලටත් එහෙමයි. . එකම IP එකකින් site එකට උනොත් remove කරනවාද කියල නම් දන්නේ නෑ.
SSCeylon 2010-07-07 12:00:15
තොරතුරු වලට බොහොම ස්තූතියි. මගේ තියෙනවා site එකක් tk වල. මම දැනගෙන හිටියේ නැහැ logins 25 වඩා නොතිබ්බොත් site එක remove කරනවා කියල. search engine එකට free domain names add කරනෙත් නැහැ. ඒක නිසා කොහොමත් වැඩිය එන්නේ නැහැ. එකම IP එකකින් site එකට උනොත් remove කරනවද?
අඩවියේ ට්‍රැෆික් වැඩි වීමේදී අපිටත් හොරෙන්ම වෙන වෙළඳ ප්‍රචාරණ අඩවිවලට රීඩිරෙක්ට් කිරීමකුත් තියනවා මං හිතන්නේ
Namila 2010-07-06 12:17:16
එල එල..ස්තූතියි
ටක් ටුක් 2010-07-06 08:58:32
ෆ්‍රී ඩොමේන් එකක් සයිට් එකකට දා ගන්න විදිය ගැන ලිපියක් ලියන්න පුලුවන්ද? co.cc එකක් ගැන ලියනවනම් ගොඩක් හොදයි :)