Spam කරදරයෙන් මිදෙන්න විනාඩි 10 කට ඊමේල් ලිපිනයක්

2010-06-05 00:07:52 By Ganidu

සමහර වෙබ් අඩවි වලින් Download කිරීමක් කරන විට හෝ එම වෙබ් අඩවියට අදාල සේවාව ලබා ගන්නා විට දක්නට ලැබෙන දෙයක් තමයි එම වෙබ් අඩවියේ ලියාපදිංචි වීමක් නැතහොත් සාමාජිකයෙකු වීම අවශ්‍ය වීම. ඇතැමි විට මෙවැනි වෙබ් අඩවි නිසා ඔබගේ  ඊමේල් ලිපිනය Spam වලට ගොදුරු වන්නට පුළුවන. මෙයට විසදුමක් වශයෙන් විනාඩි 10 කට ඊමේල් ලිපිනයක් ලබාදෙන 10minutemail.com වෙබ් අඩවිය යොදා ගන්නට පුළුවන. මෙම වෙබ් අඩවියෙන් කරන්නේ ඔවුන්ගේ වෙබ් අඩවියට පැමිණෙන ඕනෑම අයෙකුට විනාඩි 10 කට ඊමේල් ලිපිනයක් ලබා දීමයි. මේ සදහා ඔවුන්ගේ වෙබ් අඩවියේ ලියාපදිංචි වීමක් අවශ්‍ය වන්නේ නැත.  10minutemail.com වෙබ් අඩවියට පිවිසුන විගස ඔබට ඊමේල් ලිපිනයක් ලබා දෙනු ලබයි. මෙම ඊමේල් ලිපිනය යොදා ගැනීමෙන් ඔබට ඊමේල් යැවිය නොහැකි අතර ඕනෑම ඊමේල් ලිපියක් ලබාගත හැකියි.

Comments

Name (Required)
Email (Required)
Comment (Required)
ධීෂාන් 2010-06-06 02:45:36
අවාසිදායක නෑ. තමන්ට අවශ්‍ය දේ කරගත් පසු අදාල වෙබ් අඩවියේ ලියාපදිංචි වූ ගිණුම අවශ්‍ය නැත්නම් මේ ක්‍රමය තමා හොද.
Ishar 2010-06-05 01:11:59
මෙම ක්‍රමය භාව්තා කිරීම අවාසිදායකයි. වෙනම email account එකක් මෙවැනි කටයුතු සඳහා යොදා ගන්න.