Credit Card පතකින් ආරක්ෂිතව අන්තර්ජාලය හරහා ගෙවිම් කරන්නේ කොහොමද?

2010-05-01 05:59:55 By Ganidu

වර්තමානයේ අන්තර්ජාලය මගින් භාණ්ඩ හා සේවා විකිණීම මෙන්ම මිලදී ගැනීමද ඉතා වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතිනවා. මෙලෙස භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේදී ගෙවීම් සදහා 90 % කට වඩා credit card  භාවිතා කරනු ලබනවා. මෙලෙස credit card  භාවිතා කිරීමේදී වර්ථමානයේ අන්තර්ජාලයේ පවතින වංචා , වෛරස් වැනි හේතු නිසා අවධානමකට මුහුණ දීමට සිදුවේ.

 

හැකර්කරුවන්ගෙන් හා වෛර්ස් වලින් ඔබේ පරිගණකය ආරක්ෂා කරගන්න.

වර්ථමානයේ හැකර්කරුවන්ගේ හා වෛර්ස් වැඩසටහන් වල තර්ජන වලට බොහෝමයක් පරිගණක ලක්වෙනවා. මෙවැනි වැඩසටහන් ඔබේ පරිගණකයේ තිබුණ හොත් ඔබගේ credit card පතෙහි තොරතුරු වෙනත් පුද්ගලයන්ගේ අතට පත්විය හැකියි. මේ සදහා හොද ප්‍රතිවෛරස් මෘදුකාංගයක් භාවිතා කළ හැකිය. එසේම අදාල ගෙවීම් සිදු කිරීමට පෙර හා පසු වෙබ් ගවේශකයේ History , cookies ආදිය මකා දමන්න.

 

විශ්වාස කළ හැකි වෙබ් අඩවි යොදාගන්න.

 

අන්තර්ජාලය මගින් භාණ්ඩ හා සේවා විකිණීම මෙන්ම මිලදී ගැනීමේදී විශ්වාසවන්ත වෙබ් අඩවි තොරා ගන්න. ඔබ වංචාකාරී වෙබ් අඩවියක් තෝරා ගතහොත් ඔබට අවදානමකට මුහුන දීමට සිදුවේ.එසේම  ඔබට ලැබෙන සෑම ලින්ක් එක්කම ඔබ පිවිසි වෙබ් අඩවියට සම්බන්ධ දැයි පරීක්ෂා කරන්න.

 

පොදු ස්ථානවල credit card භාවිතා කිරීමෙන් වළකින්න.

 

Internet Café හෝ මහජනයා ගැවසෙන පොදු ස්ථාන වල credit card  භාවිතා කිරීමෙන් වළකින්න. Internet Café වැනි අයතන වල ඇති පරිගණක වල වෛර්ස් වැඩසටහන් මෙන්ම keylogger software නමින් හදුන්වන මෘදුකාංග තිබෙන්නට පුළුවන. එසේම මහජනයා ගැවසෙන පොදු ස්ථාන වලදී ඔබ credit card පත භාවිතා කිරීමේදී වෙන අයකුට ඔබගේ credit card පතහි තොරතුරු ඉතා පහසුවෙන් ලබා ගත හැක.

 

ණය සීමාව අඩු credit card පතක් අන්තර්ජාල ගෙවීම් සදහා භාවිතා කරන්න.

 

ණය සීමාව වැඩි credit card පතක් හාවිතා කිරීමේදී මුහුණ දීමට සිදුවන අවදානම වැඩිය.

 

credit card පත‍හි තොරතුරු ඇතුලත් කිරීමට ඇති වෙබ් පිටුව ආරක්ෂිත දැයි බලන්න.

 

ඔබ ගණුදෙනු කිරීමට යන වෙබ් අඩවිය ආරක්ෂිත දැයි සැළකිලිමත් විය යුතුය. මේ සදහා ඔබගේ වෙබ් ගවේශකයේ වෙබ් ලිපිනය ඇතුල් කරන කොටසේ ( web browser's address bar ) වෙබ් අඩවියේ ලිපිනයෙහි “ http://  “  වෙනුවට "https://"  ඇත්දැයි බලන්න.

 

Paypal වැනි සේවාවක් භාවිතා කරන්න වර්ථමානයේ බොහෝමයක් වෙබ් අඩවි ගෙවීම් කටයුතු සදහා භාවිතා කරන්නේ Paypal  වැනි අන්නර්ජාල බැංකු සේවාවන්. Paypal  වැනි අන්නර්ජාල බැංකු ගිණුමක් ඔබ භාවිතා කරන විට ඔබගේ credit card පත‍හි තොරතුරු දන්නේ එම වෙබ් අඩවිය පමණි. එමෙන්ම මුදල් ගෙවීමට ඇත්තේද ඔවුන්ගේ වෙබ් පිටුවක් තුලය. මෙම අන්නර්ජාල බැංකු සේවා වෙබ් අඩවි ආරක්ෂාකාරීව පවත්වාගෙන යන බැවින් අවධානම අඩුවේ.

Comments

Name (Required)
Email (Required)
Comment (Required)