Amazon වෙතින් unlimited Cloud Storage සේවා.

2015-03-26 23:44:40 By Ganidu

Dropbox, Google වැනි Cloud Storage සේවාවන්ට අභියෝග කරමින් Amazon සමාගම විසින් ඔවුන්ගේ Cloud Storage සේවාව වන cloud drive සදහා අසීමිත ඉඩපහසුකම් ලබාදෙන නව සැළසුම් දෙකක් හදුන්වා දී තිබෙනවා.

මෙහි පළමු සැළසුම වන්නේ Unlimited Photos යන සැළසුමයි. වසරකට $11.99 ක් ගෙවීමෙන් ලබාගත හැකි මෙය ඡායාරූප සදහා අසීමිත ඉඩපහසුකම් සපයන අතර වීඩියෝ ඇතුළු වෙනත් ගොණු සදහා 5GB ඉඩකඩක් සපයනු ලබනවා. 

 

දෙවන සැළසුම වන්නේ Unlimited Everything යන සැළසුමයි. වසරකට $59.99 ක් ගෙවීමෙන් ලබාගත හැකි මෙය ඡායාරූප, වීඩියෝ ඇතුළු විවිධ වර්ගයේ ගොනු සදහා අසීමිත ඉඩපහසුකම් සපයනු ලබනවා.

Amazon  Prime සාමාජිකයින්ට හා Fire device හිමියන්ට Unlimited Photos සැළසුම කිසිදු මුදලක් නොගෙවා නොමිලේම ලබාගත හැකි අතර මෙම සැළසුම් දෙකම මාස 03 ක අත්හදා බැලීමේ කාලයක් සදහා නොමිලේ ලබාගත හැකියි.

Comments

Name (Required)
Email (Required)
Comment (Required)