PHP String Functions හදුනාගනිමු.

2015-03-13 03:14:13 By Ganidu

string යනු text එකක් ගබඩා කර තැබීම සදහා භාවිතා කරනු ලබන Variable එකක්ය. මෙම කොටසින් String Functions තුලින් කළ හැකි දැ ඇතුලත් කර ඇත.

 

string එකක දිග/අකුරු සංඛ්‍යාව ලබා ගැනීම (Get The Length of a String).   strlen() function එක භාවිතා කිරීමෙන් string එකක දිග හෙවත් අකුරු සංඛ්‍යාව ලබා ගත හැක. පහත උදාහරණය බලන්න. එහි ප්‍රතිඵලය වන්නේ 11 කි.

<?php
$x =  strlen("Hello world"); 
echo $x; // outputs 11
?>

 

 

string එකක  වචන සංඛ්‍යාව ලබා ගැනීම (Count The Number of Words in a String).  

str_word_count() function එක භාවිතා කිරීමෙන් string එකක  වචන සංඛ්‍යාව ලබා ගත හැක.

පහත උදාහරණය බලන්න. එහි වචන සංඛ්‍යාව වන්නේ 2 කි.

 

<?php
$x str_word_count("Hello world");
echo $x ; // output 2
?>

 

 

 

string එකක  වචන ප්‍රතිවිරුද්ධ අතට හැරවීම (Reverse a String).   strrev()  function එක භාවිතා කිරීමෙන් string එකක  වචන ප්‍රතිවිරුද්ධ දිශාවට හැරවිය හැක.

<?php
$x = strrev("Hello world");
echo $x;  // outputs dlrow olleH
?>

 

 

string එකක ඇති  වචන සේවීම (Search For a Specific Text Within a String).  

strpos()   function එක භාවිතා කිරීම මගින්  string එකක  වචන සෙවිය හැක.  සොයනා වචනය හමුවුවහොත් පළමු වචනය හමුවූ ස්ථානයේ පළමු character position එක මෙම function එක මගින්  ලබාදේ. පහත උදාහරණ බලන්න.

 වැදගත් string  එකක පළමු අකුර 1 නොව 0 යි (The first character position in a string is 0 not 1 ) . 

 

<?php 
$x = strpos("Hello world", "world"); // outputs 6
echo $x;
?>

 

 

මෙහිදී සොයනා වචනය  case sensitive  වේ.

 

<?php
$x = strpos("Hello world", "World");
 
echo $x; // outputs FALSE
?>

 

 

string එකක ඇති වචන වෙනුවට වෙනත් වචන යෙදීම (Replace Text Within a String). str_replace() function එක භාවිතා කිරීම මගින් string එකක වචන / අකුරු වෙනුවට වෙනත් වචන / අකුරු  ප්‍රතිස්ථාපනය හැක. අදාල  වචන / අකුරු සියල්ලම   ප්‍රතිස්ථාපනය වේ. පහත උදාහරණය බලන්න එහි world යන වචනය වෙනුවට user  යන වචනය ප්‍රතිස්ථාපනය කළ හැක.

 

<?php
$x = str_replace("world", "user", "Hello world"); 
echo $x;// outputs Hello user
?>

 

 

වචන / අකුරු නැවත නැවතත් දැක්වීම. str_repeat() function එක භාවිතා කිරීම මගින් වචන / අකුරු නැවත නැවතත් දැක්වීම සිදු කළ හැක.

 

<?php
$extra_dollars = str_repeat( "Hello", 9 );
echo  $extra_dollars;
?>

 

 

වචන  වල සමානතාවය බැලීම. similar_text () function එක භාවිතා කිරීම මගින්  strings දෙකක සමානතාවය පරීක්ෂා කළ හැකි අතර මෙමගින් වචන අතර සමානතාවය ප්‍රතිශතයක් ලෙස ලබාගත හැක.

 

<?php
$real_name ="Hello World";
$user_attempt = "Hello Forld";
 
$check = similar_text($real_name, $user_attempt, $percent);
 
 
echo " $percent";   // output 90.909090909091
?>

 

 

Comments

Name (Required)
Email (Required)
Comment (Required)