Sony PlayStation Mobile සේවාව ජූලි 15 දින සිට නවති.

2015-03-12 06:47:57 By Ganidu

සෝනි සමාගම විසින් ස්මාර්ට් දුරකථන හා ටැබ්ලට් උපාංග සදහා PlayStation games ලබාදුන්  PlayStation Mobile සේවාව ජූලි  15 දින සිට නවතා දැමීමට කටයුතු කර තිබෙනවා. මීට පෙර  PlayStation Mobile හරහා මිලදී ගත් games  සැප්තැම්බර් මස 10 දක්වා භාගත කිරීමේ පහසුකම සෝනි සමාගම ලබාදී තිබෙනවා.

 

මෙලෙස games භාගත කිරීමට PlayStation Mobile app එක ලබා ගත යුතු අතර ඒ සදහා සහය දක්වන උපාංගයකුත් තිබීම අත්‍යවශ්‍යයි [...].

 

PlayStation Mobile  සදහා සහය දැක්වූ ජංගම දුරකථන උපාංග පැවතියේ  සීමිත ප්‍රමාණයක් වන අතර ඒවායින් බොහෝමයක්  සෝනි සමාගම විසින්ම නිපදවූ උපාංගයන්ය. ගුගල් Play Store සමග තරග කිරීමට අපහසු වීම PlayStation Mobile  සේවාව නවතා දැමීමට හේතු වී ඇත.

Comments

Name (Required)
Email (Required)
Comment (Required)