Apple “spring forward” Event එක බලන හැටි.

2015-03-09 05:46:43 By Ganidu

ඇපල් සමාගම විසින් ඇමරිකාවේ  San Francisco  නගරයේ  Yerba Buena Center හි “spring forward”   නමින්  අද දිනයේ  ශ්‍රී ලංකාවේ වේලාවෙන්  රාත්‍රී 10.30 ට ( 09.03.2015 10:30 PM   / 10 a.m. PDT ) පවත්වනු ලබන Apple “spring forward”  Event  එක අන්තර්ජාලය මගින් නැරඹීමේ පහසුකම ඇපල් සමාගම විසින් ලබා දී තිබෙනවා.

 

http://www.apple.com/live/   යන වෙබ් ලිපිනය වෙත පිවිසීමෙන් මෙම “spring forward”  Event  එක නැරඹිය හැකියි.

 

නමුත් මෙම Event  එක නැරඹීමට නම් ඔබේ පරිගණකයේ වෙබ් බ්‍රවුසරය  Safari 5.1.10 හෝ  ඊට ඉහළ සංස්කරණයක් හා මෙහෙයුම් පද්ධතිය   OS X v10.6.8 හෝ  ඊට ඉහළ සංස්කරණයක් ඇති පරිගණකයක් විය යුතුය.  ජංගම දුරකථනයෙන් නරඹනවා නම්  Safari වෙබ් බ්‍රවුසරය   සහිත මෙහෙයුම් පද්ධතිය iOS  6.0 ඊට වැඩි දුරකථනයක් විය යුතුය.  Apple TV මගින්   නැරඹීමට  Apple TV  එක second- or third-generation with  software 6.2 හෝ  ඊට ඉහළ සංස්කරණයක්  විය යුතුය.

මෙහිදී ඇපල් සමාගමේ නවතම නිර්මාණය වන  Apple Watch පිළිබදව හදුන්වාදීමට සැරසේ.  

 

Comments

Name (Required)
Email (Required)
Comment (Required)