Gnome 2 වලට කැමති අයට එන Ubuntu MATE මෙහෙයුම් පද්ධතිය.

2015-03-09 03:50:06 By Ganidu

Ubuntu-MATE-Remix

 

උබුන්ටු මෙහෙයුම් පද්ධතිය පාදක කරගෙන  නිර්මාණය කළ Ubuntu MATE මෙහෙයුම් පද්ධතියේ   Ubuntu MATE 15.04 Beta1  සංස්කරණය නිල වශයෙන් නිකුත් කර තිබෙනවා. මෙම  Ubuntu MATE මෙහෙයුම් පද්ධතිය නිර්මාණය කරලා තිබෙන්නේ Unity Desktop Environment එක වෙනුවට MATE Desktop Environment එක භාවිතා කරලා.

MATE Desktop  Environment  එක යනු පැරණ GNOME 2 desktop Environment එක භාවිතාකර නිර්මාණය කරන ලද Desktop  Environment  එකක්.  මෙම MATE Desktop  Environment  එක සංවර්ධනය කරලා  Ubuntu MATE මෙහෙයුම් පද්ධතිය නිර්මාණය කර තිබෙන්නේ. අළුතෙන් එන Unity Desktop Environment එකට අකමැති අයට මෙම Ubuntu MATE මෙහෙයුම් පද්ධතිය භාවිතා කිරීමට පුළුවන්.

මෙම  Ubuntu MATE මෙහෙයුම් පද්ධතිය  නිර්මාණය කර තිබෙන්නේ  Martin Wimpress  (Project co-founder) හා Alan Pope  ( Project co-founder ) යන දෙදෙනා  ඇතුළු කණ්ඩායමක් විසින්.  Ubuntu MATE   සංස්කරණය උබුන්ටු මෙහෙයුම් පද්ධතිය හිමි Canonical Ltd සමාගමෙන් වෙන් වූ   උබුන්ටු පාදක කරගෙන තැනූ මෙහෙයුම් පද්ධතියක්.

මෙය 32-bit හා 64-bit යන සංස්කරණ දෙකෙන්ම ලබාගත හැකිය.

භාගත කර ගන්න.

 

 

 04_DESKTOP
 
 06_CAJA

Comments

Name (Required)
Email (Required)
Comment (Required)