PHP Data Types හදුනාගනිමු.

2015-03-07 04:56:20 By Ganidu

පරිගණක ක්‍රමලේඛණයේදී විවිධ වර්ගයේ දත්ත වර්ග භාවිතා කරයි. PHP Variable එකක් තුල පහත වර්ගයේ දත්ත ගබඩා කළ හැක.

  • String
  • Integer
  • Float (floating point numbers – also called double)
  • Boolean
  • Array
  • Object
  • NULL

PHP String

String  වර්ගයේ  Variable එකක් තුළ අකුරු ගබඩා කළ හැකිය. Variable එකක් string  වර්ගයේ  දත්ත ගබඩා කිරීමේදී  උද්ධෘත පාඨ  ( single or double quotes)  තුළ අදාල දත්ත සදහන් කළ යුතුය.

 

<?php 
$a = "Hello world";  // in  double quotes:
$b = 'Hello world';  // in single quotes:
 
echo $a;
echo "<br>"; // html Elements
echo $b;
?>

 

PHP Integer

Integer   වර්ගයේ  Variable එකක් තුළ  පූර්ණ සංඛ්‍යා ගබඩා කර තැබිය හැක. -2147483648 හා +2147483647 යන පරාසය තුල ඇති ඉලක්කම් පමණක් මෙහි ගබඩා කර තැබිය හැක.

<?php 
$x = 2299;
echo $x;
?>

 

PHP Float

float (floating point number)  වර්ගයේ  Variable එකක් තුළ  දශම සංඛ්‍යා සමග ඇති ඉලක්කම් ගබඩා කර තැබිය හැක.  පහත උදාහරණය බලන්න  PHP  var_dump()  function එක මගින් දත්ත වර්ගය හා අගය පෙන්නයි.

<?php 
$x = 2.33;
var_dump($x);
?>

 

PHP Boolean

Boolean වර්ගයේ  Variable එකක් තුළ  ප්‍රකාශණයක සත්‍ය අසත්‍යතාව (true /  false ) ගබඩා කර තැබිය හැක. පහත උදාහරණය බලන්න  PHP  var_dump()  function එක මගින් දත්ත වර්ගය හා අගය පෙන්නයි.

<?php 
$x = true;
$y = false;
var_dump($x);
var_dump($y);
?>

PHP Array

Array වර්ගයේ  Variable එකක් තුළ  අගයන් කිහිපයක් ගබඩාකර තැබ්ය හැක. මෙහිදී විවිධ වර්ගයේ දත්ත ගබඩා කර තැබිය හැක. පහත උදාහරණය බලන්න  PHP  var_dump()  function එක මගින් දත්ත වර්ගය හා අගය පෙන්නයි.

<?php
$student= array("namal",16,true,9.43);
var_dump($student);
?>

 

Result:

array(4) { [0]=> string(5) “namal” [1]=> int(16) [2]=> bool(true) [3]=> float(9.43) }

 

මෙහි array size එක 04 කි. සෑම විටම array එකක දත්ත ගබඩාවන්නේ 0 සිටය.

 

PHP Object

Object  වර්ගයේ  Variable එකක් තුළ දත්ත සැකසිය යුතු ආකාරය පිළිබද ගබඩා කර ගනී.

 

<?php

    function sum($num1,$num2) {
       return $num1+$num2;
    }


// create an object
$num1 = 4;
$num2 =6;
$answer =sum($num1,$num2);

// show object properties
echo $answer;
?>

 

PHP NULL

Null වර්ගයේ  Variable එකක් තුළ පවතින්නේ  NULL යන අගය පමණි. මෙහි දත්ත කිසිවක් ආදේශ කර නැත. එමෙන්ම variable එකක් දත්ත කිසිවක් ආදේශ නොකර නිර්මාණය කළ විට එහි ඇත්තේද NULL යන අගය පමණි.

 

<?php
$x = NULL;
$y;
$z = "Hello";
$z = NULL;
var_dump($x);
var_dump($y);
var_dump($z);
?>

 

 

 

Comments

Name (Required)
Email (Required)
Comment (Required)