Mac පරිගණක සදහා Office 2016 Preview එක දැන් ලබා ගත හැකියි.

2015-03-06 01:38:43 By Ganidu

Mac පරිගණක සදහා වූ Office 2016 සංස්කරණයේ   public preview එක Office 365 සදහා ලියාපදිංචි වීමකින් තොරව දැන් භාගත කිරීමේ අවස්ථාව මයික්‍රෝසොෆ්ට් සමාගම විසින් ලබා දී තිබෙනවා. ඒ වගේම  iCloud වෙත  sync කිරීමේ පහසුකමද Office 2016 සංස්කරණය මගින් ලබා දී තිබෙනවා.

 

Mac පරිගණක සදහා වූ Office 2016 සංස්කරණයේ    Word, Excel, PowerPoint, OneNote හා  Outlook යන මෘදුකාංග අන්තර්ගත කර ඇති අතර Mac පරිගණක සදහා වූ Office 2016 සංස්කරණය නිල වශයෙන් නිකුත් කර මාස දෙකක් දක්වා මෙම public preview එක ක්‍රියාකරනු ඇත. Office 2016 සංස්කරණය නිල වශයෙන් නිකුත් කරන තෙක් මෙය නොමිලේ භාගත හැකි අතර ඉන් පසු Office 365 සේවාවත් සමග මෙය මිලදී ගැනීමට සිදුවනු ඇත.

 

screen-shot-2015-03-05-at-12-21-12-pm

 

 

Comments

Name (Required)
Email (Required)
Comment (Required)