Alibaba Cloud සේවාව අැමරිකාව දක්වා ව්‍යාප්ත කරයි.

2015-03-04 05:50:14 By Ganidu

චීනයේ විද්‍යුත් වානිජ ක්ෂේත්‍රයේ නැගී  එන සමාගමක් වන Alibaba Group හි Cloud computing සේවාව වන Aliyun එහි සේවාවන් අැමරිකාව දක්වා ව්‍යාප්ත කිරීමට සූදානම් වෙනවා. ඒ විදේශ රටක පිහිටි ඔවුන්ගේ පළමුවන data center  එක අැමරිකාවේ Silicon Valley හි විවෘත්ත කරමින්. පළමු අදියරේදී  අැමරිකාවේ පිහිටි චීන සමාගම් ඉලක්ක කරගෙන මෙහි සේවාවන් ලබා දීමට කටයුතු කර තිබෙන අතර මෙම වසරේ මැද භාගයේදී  අනෙකුත් ගනුදෙනුකරුවන් හටද මෙහි සේවාවන් ලබා දීමට සූදානම් වෙයි.

දැනට Hangzhou, Qingdao, Beijing, Shenzhen හා Hong Kong යන ස්ථානයන්හි  ඔවුන්ගේ  data center  පවත්වෙගෙන යනු ලබයි. Amazon Web Services (AWS), Google, හා Microsoft වැනි අායතන සපයන Cloud computing සේවාවන්ට සමාන සේවා Aliyun මගින් පවත්වාගෙන යයි. පසුගිය වසරේදී Amazon Web Services (AWS) විසින් චීනයේ සීමිත සේවාවන් කිහිපයක් අාරම්භ කර තිබුණි. Alibaba Cloud Computing (www.aliyun.com) සේවාව 2009 වසරේ සැප්තැම්බර් මාසයේ අාරම්භ කරන ලදී.

Comments

Name (Required)
Email (Required)
Comment (Required)