PHP Variables හදුනාගනිමු.

2015-03-03 05:15:17 By Ganidu

Variables අගයක් හෝ යම්කිසි දත්තයක් ගබඩා කර ගැනීම භාවිතා කරන සංකේතයක් හෝ නාමයක් ලෙස හැදින්විය හැකිය. PHP මත Variable එකක් නිර්මාණය කරන්නේ $ සලකුණ ඉදිරියෙන් අදාල Variable එකහි නම සදහන් කරමින්.

 

උදා :-  $myvariable

 PHP Variable එකක් නිර්මාණයේදී. 

  •  PHP Variable එකක්  සෑම විටම $ සළකුණෙන් අාරම්භ කළ යුතු අතර හිඩැස් තැබීමකින් තොරව Variable එකහි නම සදහන් කළ යුතුය.
  •  PHP Variable එකක්  සෑම විටම අකුරකින් අාරම්භ කළ යුතුය.
  •  PHP Variable එකක්  ඉලක්කමකින් අාරම්භ කළ නොහැක.
  •  PHP Variable එකක්  සෑම විටම අක්ෂර , සංඛ්‍යා හා underscore වලින් පමණක් සමන්විත යුතුය (A-z, 0-9, හා _ ).
  • PHP  Variable  සියල්ල case-sensitive වේ. ($name හා   $NAME  යනු  එකිනෙකට වෙනස් variables දෙකකි.).
  •  PHP Variable එකක් නිර්මාණය කිරීමේදී අනෙකුත් පරිගණක භාෂා මෙන්  Variable එක හදුන්වා දීමක් සිදු කළ යුතු නැත.
  •  PHP Variable එකකට වචන/ text  assign කරනවානම් quotes යෙදිය යුතුයි ($txt = "Hello world") .

  PHP Variable එකක්  තිරය මත  ප්‍රතිදානය (output) කිරීමට echo විධානය භාවිතා කරයි.  

<?php
$my_txt = "Hello World";
echo $my_txt;
?>

 

  PHP Variable ගණිතමය කාර්යන් සිදුකළ හැක.  

<?php
$x = 2;
$y = 4;
echo $x + $y;
?>

 

 

  PHP Variable එකක්  echo විධානය තුලට අන්තර්ගත කළ හැකිය.  

 

<?php
$first_num = 3;
$second_num = 8;
echo "First Number is $first_num ";
?>

 

Comments

Name (Required)
Email (Required)
Comment (Required)