Bill Gates නැවතත් ලොව ධනවත්ම පුද්ගලයා බවට පත්වේ.

2015-03-03 03:04:41 By Ganidu

Forbes  සගරාව අනුව ලොව ධනවත්ම පුද්ගලයා බවට Bill Gates නැවතත් පත්වී තිබෙනවා. Bill Gates ගේ වත්කම් ප්‍රමාණය අැමෙරිකානු ඩොලර් බිලියන 79.2 ක් වන බවට ගණන් බලා අැති අතර පසුගිය වසර සමග සැසදීමේදී ඔහුගේ වත්කම් ප්‍රමණය  අැමෙරිකානු  ඩොලර් බිලියන  $3.2 කින්  ඉහල ගොස් තිබෙනවා. ඒ  බිල් හා මෙ මෙලින්ඩා ගේට්ස් පදනම වෙත ඩොලර් බිලියන  1.5 ක පරිත්‍යාගයක් කර තිබියදීය. Bill Gates පසුගිය වසර 21 ක් තුල 16 වතාවක්ම Forbes ලැයිස්තුවේ මුල් ස්ථානයේ රැදී සිට තිබෙනවා. මෙක්සිකානු  විදුලි සංදේශ සමාගමක හිමිකරු හා අයෝජකයෙකු වන Carlos Slim Helu මෙහි දෙවන ස්ථානයට පත්ව තිබෙනවා.

Oracle සමාගමේ ප්‍රධාන විධායක Larry Ellison ගේ වත්කම් ප්‍රමාණය අැමෙරිකානු  ඩොලර් බිලියන 54.3  කි. Amazon  වෙබ් අඩවිය නිර්මාණය කළ Jeff Bezos 15 වන ස්ථානයට පත්ව අැති අතර ඔහුගේ වත්කම් ප්‍රමාණය අැමෙරිකානු  ඩොලර් බිලියන 34.8 ක්. Facebook සමාජශාලා වෙබ් අඩවියේ නිර්මාතෘ  Mark Zuckerberg 16 වන ස්ථානයට පත්ව තිබෙන අතර ඔහුගේ වත්කම් ප්‍රමාණය අැමෙරිකානු  ඩොලර් බිලියන 33.4 ක් වෙනවා. ගූගල් සෙවුම් යන්ත්‍රය  නිර්මාණය කල Larry Page හා Sergey Brin දෙදෙනාගේ වත්කම් ප්‍රමාණය පිළිවෙලින් ඩොලර් බිලියන 29.7 ක් හා ඩොලර් බිලියන 29.2 ක් වන අතර ඔවුන් Amazon , Facebook  වෙබ් අඩවි වල හිමිකරුවන්ට වඩා පහළ ස්ථානයකයි රැදී සිටින්නේ. ‍

Alibaba Group නිර්මාණය කළ චීන ජාතික ව්‍යාවසායකයෙකු වන Jack Ma ගේ වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 22.7 ක් වන අතර ඔහු Forbes ලැයිස්තුවේ 33 වන ස්ථානයේ රැදී සිටිනවා.

ඉන්දියාවේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන Mukesh Ambani මෙහි 39 වන ස්ථානය හිමි කරගෙන අැති අතර ඔහුගේ වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 21 ක් වන අතර ඉන්දියානු ජාතික ව්‍යාපාරිකයින් කිහිපදෙනෙකුම Forbes ලැයිස්තුවට අැතුලත් වී තිබෙනවා.  Forbes ලැයිස්තුවට අනුව Evan Spiegel  ( වයස අවු. 24 )  ලාබාලතම පුද්ගලයා වන අතර ඔහුගේ වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 1.5 ක් වෙනවා. වයස්ගතම පුද්ගලයා වන්නේ  Sr.David Rockefeller ( වයස අවු. 99 ) වන අතර  ඔහුගේ වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 3 ක් වෙනවා.

2015 වසරේ Forbes ලැයිස්තුව අනුව වැඩිම ධනයක් අැති දස දෙනා.

ස්ථානය නම වත්කමි ප්‍රමාණය අායතනය / අංශය
       
01 Bill Gates $79.2bn Microsoft
02 Carlos Slim Helu $77.1bn Phones and construction in Mexico
03 Warren Buffett $72.7bn Global investor
04 Amancio Ortega $64.5bn Zara and other fashion chains
05 Larry Ellison $54.3bn Oracle data storage technology
06 Charles Koch $42.9bn Industrialist
07 David Koch $42.9bn Industrialist
08 Christy Walton $41.7bn Walmart retail giant
09 Jim Walton $40.6bn Walmart retail giant
10 Liliane Bettencourt $40.1bn L'Oreal cosmetics firm

  සම්පූර්ණ ලැයිස්තුව මෙතනින්.

2015 වසරේදී Forbes ලැයිස්තුවට නවකයින් 18 දෙනෙකු අැතුලත්ව සිටියි.

Comments

Name (Required)
Email (Required)
Comment (Required)