CloudFlare සමග වැඩ කරන හැටි. (තෙවන කොටස)

2015-02-27 03:09:54 By Ganidu

පළමු කොටසෙන් CloudFlare  වලට ඩොමේන් නාමයක් එකතු කරගන්න හැටිත් දෙවන කොටසෙන් CloudFlare වල DNS record හදන හැටිත් විස්තර ඉදිරිපත් කළා. තෙවන කොටසෙන් ඉදිරිපත් කරන්නේ CloudFlare  වල පාවිච්චි කරන DNS record වර්ග පිළිබදව.

A records

A record  එකකින් සිදු කරන්නේ ඩොම්න් නාමය සම්බන්ධ පරිගණකය සාෙයා ගන්න එක. CloudFlare  මත හොස්ටින් ලබාදෙන අායතන වලින් ලබාදෙන nameservers පාවිච්චි කරන්න බැහැ. A record එකකින් තමයි ඩොම්න් නාමය සම්බන්ධ වෙලා තියෙන Server එක සමග සම්බන්ධ වන්නේ. හාෙස්ටින් එකට අදාල IP Address එක අදාල  හාෙස්ටින් එක සැපයූ අායතනයෙන් ලබාගෙන A record එකක් ලෙස ලබා දෙන්න.

උදා :- IP Address එක 192.168.1.1 හා ඩොම්න් නාමය mysite.com නම්  Name එක mysite.com ලෙසත් Value එක 192.168.1.1 ලෙසත් ලබාදිය යුතුය.

1

 
www භාවිතා කිරීම.

ඕනෑම වෙබ් අඩවියකට ඩොම්න් නාමය ඉදිරියෙන්  www යොදා හෝ නොයොදා පිවිසිය හැකිය. www යොදා වෙබ් අඩවියට පිවිසීම ලබා දීම සදහා  Type එක CNAME ලෙස තෝරා Name එක www  ලෙසත්  Value එකට ඔබගේ ඩොමේන් නාමය www රහිතවත් ලබා දෙන්න

2

 
CNAME record යෙදීම.

CNAME  යන්නෙහි තේරුම Canonical Name record යන්නයි.  වෙනත් ඩොමේන් නාම වෙත point  කිරීම සදහා මෙය භාවිතා කරනු ලබයි . Sub Domain Names සැකසීම සදහාද CNAME  භාවිතා කරනු ලබයි.

උදා :-   documents.mysite.com  යන ලිපිනය doc.mysite.com භාවිතා කළ යුතු නම් doc ලෙස CNAME  එකක් සාදා documents.mysite.com  වෙත point   කළ හැක. එවිට  documents.mysite.com  වෙබ් අඩවිය doc.mysite.com ලිපිනය මගින්ද භාවිත කළ හැක. මීට කලින් www ලෙස සැකසූ CNAME   එක බලන්න.

 
Sub Domain සැකසීම.

ඔබගේ ඩොමේන් නාමයට අදාලව Sub Domain නාමයක් සැකසීමට අවශ්‍ය නම් A record  එකක් යෙදිය යුතුයි.

උදා  :- ඔබට blog.mysite.com Sub Domain නාමය සාදා ගැනීමට අවශ්‍ය නම්  Name එක blog (blog.mysite.com) ලෙසත් Value එක සේවා දායකයට අදාල IP ලිපිනයත් ලබා දෙන්න. මෙහිදි වෙනත් සේවා දායකයක IP ලිපිනයක් වුවද ලබා දිය හැක.

3
 

MX record සැකසීම.

MX record  යන්නෙහි තේරුම mail exchanger record යන්නයි. ඩොමේන් නාමයට අදාලව  mail server එක මගින් ඊමේල් ලබා ගැනීම සදහා MX record  භාවිතා කරයි. ඔබගේ ඩොමේන් නාමය භාවිතා කර ඊමේල් ලබා ගැනීමට MX record  එකක් ලබා දිය යුතුය. මෙහිදී Name එකට ඔබගේ ඩොමේන් නාමයත් Value එකට  mail server එකෙහි ලිපිනයත් ලබා දිය යුතුය.

4

 වැදගත්  pop හා smtp භාවිතා කර ඊමේල් යැවීමට හා ලැබීමට නම් pop හා smtp නමින් CNAME record දෙකක් සකසා pop හා smtp සර්වර් ලිපිනයන් වෙත point  කළ යුතුය.
 
CloudFlare සමග වැඩ කරන හැටි. (පළමු කොටස)

CloudFlare සමග වැඩ කරන හැටි. (දෙවන කොටස)

 

Comments

Name (Required)
Email (Required)
Comment (Required)