Viber වෙතින් එන ගේම්ස් දැන් හැමෝටම.

2015-02-26 05:33:30 By Ganidu

ඡංගම දුරකථන අතර වඩාත් ජනප්‍රිය Chat App එකක් වූ Viber මීට මාස දෙකකට පෙර රටවල් 05 කට හදුන්වාදුන් Viber ගේම්ස් සේවාව දැන් සියළුම දෙනාට විවෘත්ත කර තිබෙනවා. Belarus, Malaysia, Israel, Singapore හා Ukraine යන රටවල් සදහා Viber Candy Mania [iOS/Android], Viber Pop[iOS/Android] හා Wild Luck Casino [iOS/Android]  යන ගේම්ස් තුන  පසුගිය වසරේ දෙසැම්බර් මසදී නිකුත් කරන ලදී. මෙම ගේම්ස් සියල්ල iOS හා Android යන ජංගම දුරකථන මෙහෙයුම් පද්ධති සමග ක්‍රියා කරයි.

 

 

Viber App එකෙහි මෙනු එකෙහි  "More" මත  ක්ලික් කිරීමෙන් Viber Games වෙත පිවිසිය හැක. එහිදී අවශ්‍ය ගේම් එක තෝරා ඩවුන්ලෝඩි කර ගන්න. එවිට ඔබගේ ජංගම දුරකථනය තුල අදාල ගේම් එක ස්ථාපනය වනු ඇත.

 

viber games

Image Source : techcrunch.com

 

Comments

Name (Required)
Email (Required)
Comment (Required)