CloudFlare සමග වැඩ කරන හැටි. (පළමු කොටස)

2015-02-26 02:56:17 By Ganidu

CloudFlare යනු වෙබ් අඩවි වෙත පැමිණෙන පරිශීලකයින් හා සේවාදායකය  අතර reverse proxy   එකක් ලෙස කටයුතු කරන  content delivery network එකක් හා distributed domain name server system  එකක්.  CloudFlare සේවාව ලොව පුරා ඇති දත්ත මධ්‍යස්ථාන 23 ක් සමග CloudFlare සේවාව ලබාගෙන ඇති වෙබ් අඩවි වෙත පැමිණෙන ඉල්ලීම් (traffic) පාලනය කිරීම හා වේගවත්ව දත්ත ලබා දීම සිදු කරයි. මෙහි සේවාව නොමිලේ ලබා ගතහැකි අතර අමතර සේවා හා පහසුකම් ලබා ගැනීමට මුදල් ගෙවීය යුතුය.

ප්‍රයෝජන

  • වෙබි අඩවි වෙත පැමිණෙන DOS attack වැනි හැකර්ප්‍රහාර වැලැක්වීම.
  •  IPv6  හා IPv4 අතර network gateway  එකක් ලෙස කටයුතු කිරීම.
  • වෙබි අඩවි වෙත පැමිණෙන පරිශීලකයින් හා ළගම Data Center එකෙන් අවශ්‍ය දත්ත ඉක්මණින් ලබා දීම.
  • malicious visitors ලාගෙන් වෙබ් අඩවිය ආරක්ෂා කිරීම හා අවහිර කිරීම.
  • වෙබ් අඩවියේ images, JavaScript හා  CSS  වැනි ගොණු Cache  කිරීම හා ඒවා භාවිතා කර  පරිශීලකයින් හට ඉක්මණින් දත්ත ලබා දීමට කටයුතු කිරීම.
  • වෙබ් අඩවිවල dns records පහසුවෙන් පාලනය කළ හැකි වීම.
  • Bot වැඩසටහන් වලින් වෙබ් අඩවි ආරක්ෂා කර දීම.
  • සේවාදායක වල ගැටළු මතු වූ විට ඒ පිළිබද පරිශීලකයින් දැනුවත් කිරීම හා Cache ගොණු භාවිතා කර වෙබ් අඩවි පරිශීලනයට හැකියාව ලබා දීම.

  CloudFlare වෙත වෙබ් අඩවි එකතු කිරීම.   01.  CloudFlare සේවාව ලබා ගැනීම සදහා පළමුව CloudFlare වෙබ් අඩවියේ ලියාපදිංචි විය යුතුයි. https://www.cloudflare.com/sign-up වෙබ් පිටුව වෙත ගොස් පළමුව ලියාපදිංචි වන්න.   cloudfare_step1                    

 
02. ඉන් පසු ලැබෙන වෙබ්  පිටුවෙහි ඔබගේ වෙබ් අඩවියේ ලිපිනය ලබා දෙන්න

  cloudfare                    

 
03.  ඉන් පසු ඔබ අැතුලත් කළ වෙබ් අඩවියට අදාල DNS record ස්කෑන්  වන අතර එය අවසුුන්          වූ පසු පහත පිටුව දිස්වේ. එහිදි ඔබ විසින් මීට කළින් අැතුලත් කරන ලද DNS record අැති            අතර අවශ්‍ය නම් ඒවා වෙනස් කිරීම් හෝ ඉවත් කිරීම් කර Continue මත ක්ලික් කරන්න.

  cloudfare_step3                    

 
04. මීලගට ලැබෙන වෙබ් පිටුවෙන් ඔබට අවශ්‍ය Plan එක හා  Settings  තෝරා Continue මත            ක්ලික් කරන්න.

  cloudfare_step4                    

 
05. ඉන් පසු ලැබෙන පිටුවෙන් ඔබ විසින් අැතුලත් කළ ඩොමේන් නාමයට අදාලව CloudFlare       Name Servers ලබා දේ. එවිට ඔබගේ domain name control panel එකට ගොස් එහි   අැති       Name Servers ඉවත් කර CloudFlare       Name Servers ලබාදෙන්න. ඉන් පසු Continue       මත   ක්ලික් කරන්න.උදා : ඔබ       ඩොමේන් නාමය ලියාපදිංචි කර අැත්තේ Godaddy එහි       ඔබගේ ගිණුම වෙත පිවිස                     අදාල ඩොමේන් නාමයෙහි දැනට පවතින Name           Servers ඉවත්කර CloudFlare       Name       Servers ලබාදෙන්න.

    cloudfare_step5                    

 
06.  ඊලගට ලැබෙනුයේ DNS control panel  එකයි. ඔබ විසින් අැතුලත් කළ ඩොම්න් නාමයට            අදාල dns propagation සදහා පැය 24 -48 අතර කාලයක් ගත වෙයි. නමුත් මෙය බාෙහාේ            දුරට විනාඩි 5ක් වැනි කෙටි කාලයක් තුල අප්ඩේට් වීම සිදුවේ. dns propagation නිසි පරිදි සිදු        වූ විට ඔබගේ වෙබ් අඩවිය නිසි පරිදි ක්‍රියා කරනු අැත.
  CloudFlare සමග වැඩ කරන හැටි. (දෙවන කොටස)  CloudFlare සමග වැඩ කරන හැටි. (තෙවන කොටස)

Comments

Name (Required)
Email (Required)
Comment (Required)
[…] CloudFlare සමග වැඩ කරන හැටි. (පළමු කොටස) […]
[…] CloudFlare සමග වැඩ කරන හැටි. (පළමු කොටස) […]