PHP echo and print Statements හදුනාගනිමු.

2015-02-25 02:52:17 By Ganidu

Php මගින් සකසන වැඩසටහනක output (ප්‍රතිදාන) ලබා ගැනීමට  මූලික ක්‍රම දෙකක් ඇති අතර ඒවා echo හා print නම් විධාන වේ. මෙයින් වැඩියෙන් භාවිතා වන්නේ echo යන විධානයයි.  echo විධානය print විධානයට වඩා වේගවත්ය.

උදා :-

 

<?php 

echo "<h1>Hello World</h1>";
print "<h1>Hello World</h1>";


?>

 

out1

 

 

echo යන විධානයේ parameters කිහිපයක් භාවිතා කළ හැකි වුවද print විධානයේ භාවිතා කළ හැක්කේ එක parameter එකක් පමණි.   උදා :-   echo විධානය parameter කිහිපයක් සමග භාවිතා කර.

 

<?php 

 echo  " A B C ", 1, 2, 3;   // comma-separated without parentheses
 echo "<br>";               // html code for brake lines
 echo  ("A B C 1 2 3");        // just one parameter with parentheses


?>

 

 

 out2

 

 

උදා :-   print විධානය parameter කිහිපයක් සමග භාවිතා කළ විට Syntax Error එකක් ලැබේ.

 

<?php 

 print  " A B C ", 1, 2, 3;   // comma-separated without parentheses
 print "<br>";               // html code for brake lines
 print  ("A B C 1 2 3");        // just one parameter with parentheses


?>

 

 

out3

 

 

print විධානය සමග සංකීර්ණ ප්‍රකාශණ ( complex expression ) භාවිතා කළ හැකි වුවද Echo විධානය සමග සංකීර්ණ ප්‍රකාශණ භාවිතා කළ නොහැක.  

 

උදා :- print විධානය සමග සංකීර්ණ ප්‍රකාශණයක් ( complex expression ).

<?php 
 
 $a="";
 $b="1";
  $a ? print "true" : print "false"; // complex expression
  print "<br>"; // html code for brake lines
  $b ? print "true" : print "false"; //complex expression
?>

 

 

out4                

 

උදා :- echo විධානය සමග සංකීර්ණ ප්‍රකාශණයක් ( complex expression ) භාවිතා කළ       විට syntax error ලැබේ.  

<?php 
 
$a="";
$b="1";
$a ? echo "true" : echo "false"; // complex expression
echo "<br>"; // html code for brake lines
$b ? echo "true" : echo "false"; //complex expression
?>

 

 

out4

Comments

Name (Required)
Email (Required)
Comment (Required)
ask 2015-03-11 06:41:50
Post writing is also a fun, if you be familiar with then you can write or else it is complex to write.
ask 2015-03-11 04:47:17
My relatives every time say that I am wasting my time here at net, but I know I am getting familiarity daily by reading such fastidious posts.