YouTube වෙතින් ළමුන් සදහා App එකක් නිකුත් කිරීමට සැරසේ.

2015-02-21 00:56:33 By Ganidu

YouTube විසින් ළමුන් සදහාම වෙන්වූ App එකක් YouTube Kids නමින් පෙබරවාරි 23 වන දින ඇන්ඩ්රොයිඩ් උපාංග සදහා නිකුත් කිරීමට සූදානම් වෙනවා.  හදුන්වාදීමේදී මෙය ඇමරිකාවට පමණක් සීමා වෙනවා.

මෙම App එක කුඩා දරුවන්ට ගැලෙපෙන වීඩියෝ වලින් යුක්ත අතර දෙමාපියන්ට අවශ්‍ය පරිදි එය පාලනය කළ හැකි පරිදියි නිර්මාණය කර තිබෙන්නේ. එමෙන්ම එහි ඡායාරූප , වීඩියෝ ආදිය කුඩා ළමුන්ට පහසුවෙන් දැක ගත හැකි ආකාරයට විශාලව නිර්මාණය කර තිබෙනවා. කුඩා ළමුන්ට වචන ටයිප් කර යමක් සෙවීමට අපහසු බැවින් ඔවුන්ගේ කටහඬින්  යමක් ගවේශණය කිරීමේ හැකියාවත් මෙම App එක  සදහා ඇතුලත් කර තිබෙනවා.  ඒ වගේම මෙම App එක මගින් වැඩිහිටියන්ට පමණක් වෙන්වූ වීඩියෝ ගවේශණය කළහොත් ස්වයංක්‍රීයව App එක අගුළු වැටෙන අතර නැවත App එක ක්‍රියා කරවීමට දෙමාපියන් විසින් යොදන ලද මුරපදය යෙදීමට අවශ්‍යවෙනවා.

 

YouTube Kids app

Comments

Name (Required)
Email (Required)
Comment (Required)