නූතන අධි-තාක්ෂණය සහ අනාගත නිවාස.

2015-02-16 23:42:46 By

දිනෙන් දින දියුණු වන නවීන තාක්ෂණය අප ජීවිතයේ සෑම අංශයක්ම ආවරණය තිබේ. විශේෂයෙන් ගත් කල ගෘහ ජීවිතයේ සහ නිවාස ආරක්ෂණ තාක්ෂණයේ කැපී පෙනෙන වර්ධනයක් සිදු වී ඇත. පහතින් සඳහන් කර ඇත්තේ දැනට දියුණු රටවල් හී භාවිතවන, අනාගතයේ අප සිහින නිවසෙහි අන්තර් ගත විය යුතු එවන් තාක්ෂණීක උපාංගයන් කිහිපයකි.

 

home

                   

Temperature Control

අධික උෂ්ණත්වයක් සහිත කාලයන්හී නිවෙස ඇතුලත උෂ්ණත්වය හිතකර අගයක පවත්වා ගෙන යෑම ශ්‍රී ලංකාව වැනි රටකට ඉතා වැදගත් වන්නේ, එය සාපේක්ෂව උෂ්ණාධික රටක් බැවිනි. Wi-Fi හා සම්බන්ධ Sensor-Enabled Thermostat එකක් මඟින් තමන්ට රිසි පරිදි, කාමර උෂ්ණත්වය ඕනෑම තැනක සිට වෙනස් කිරීමටත් නියත උෂ්ණත්වයක් දිගටම පවත්වා ගැනීමටත් නිවෙස් හිමියාට හැකියාව පවතී. නිවෙස් හිමියා නොමැති අවස්ථාවන්හිදි වුවද මෙම පද්ධතියේ ඇති Memory Function මඟින් පෙර උෂ්ණත්වය පාලනය කල මතකයෙන්  කාමර උෂ්ණත්වය පාලනය කලහැක. තවද කමරය ඇතුලත වාතය නිරන්තරයෙන්  පිරිසිඳු කිරිම මඟින් වාසයට ඉතා යෝග්‍ය පරිසරයක් මෙමඟින් ඇති කරයි.

House Security

වර්තමානයේ නිවෙසක් තෝරා ගැනීමේදී, සමීක්ෂණ වලට අනූව 20%ක වැදගත්කමක් නිවසෙහි ආරක්ෂාවට හිමිවන බව පෙන්වා දිය හැක. එබැවින් මෙම දියුණු ආරක්ෂක උපාංග ශ්‍රී ලාංකීය නිවාස තාක්ෂණයේද දැකගත හැකිවේ. දොරගුලු මත සවිකර ඇති ඇඟිලි සලකුණු කියවනයන් ( Fingerprint Reader ) ඊට උදාහරණ ලෙස ගෙනහැර දැක්විය හැක. මෙමඟින් දොරගුලු විවර කරන පුද්ගලයාගේ ඇඟිලි සලකුණු, අවසරලත් පුද්ගලයන්ගේ ඇඟිලි සලකුණු හා සසඳා බැලේ. එසේ අනන්‍යතාව තහවුරු කර ගැනීමට නොහැකි අවස්ථාවල ඇතුලුවන්නාගේ ඡායාරූපයක් ආරක්ෂක ආයතනය වෙත හෝ නිවෙස් හිමියාගේ ජංගම දුරකථනය වෙත යොමු කල හැක.

home2

                        Smartphone is the Key

නිවෙසින් බැහැරව යන විට ඔබට ඔබගේ නිවසේ යතුර අමතක විය හැකි නමුත් ඔබගේ ජංගම දුරකථනය අමතක වීමට ඇත්තේ ඉතා අඩු හැකියාවකි. එබැවින් ඔබගේ නිවසේ  යතුර අමතක වුවද ඔබට නිවසින් එලියෙහි සිටීමට සිදු නොවීමට නම් දොරෙහි අඟුලු Digitalize කිරීම සෑම විටම  වඩාත් යෝග්‍ය වනු ඇත. මේ ආකාරයට නවීන තාක්ෂණය දොරගුල හා අනුගත කිරීමට ඔබට අවශHය වන්නේ CalypsoKey designs phone cases සහ Near Field Technology (NFC) පහසුකමයි. පළමුව  ඔබගේ දොරගුලු RFID Supported අගුලු ලෙස පරිවර්ථනය කළයුතුය. පසුව CalypsoKey යොදා ගනිමින් අගුලු විවෘත කරගත හැකි වේ.

 

 Smart Fridge

ලෝකයේ සෑම රටකම සෑම නිවසකම පාහේ ශීතකරණයක් දැකගැනීමට හැක. එදිනෙදා ජීවිතයට  ඉතා අත්‍යවශය ශීතකරණය නිතර පිරිසිදු කිරිම ගෘහනියන් අකමැති අත්‍යවශය කරුණකි. Ocado විසින් මෙයට විසදුමක් ලෙස නව පරම්පරාවේ ශීතකරණයක් වන Self-Cleaning Fridge නිර්මාණය කර තිබේ. මෙහි සුවිශේෂී අංග කිහිපයකද වේ, එනම් එයට එක් එක් ආහාර වර්ග අතුරින් ඉතිරිව ඇති ආහාර ප්‍රමාණ‍ය හා අවසන්වූ ආහාර වර්ග හදුනාගත හැකි වීමයි. විශේෂයෙන් මෙම ශීතකරණයට කල් ඉකුත්වූ ආහර හදුනා ගැනීමේ හැකියාවද පවතී.

Robot Vacuum Cleaner

දහසකුත් වැඩ අතුරින් ගෘහනියන්ට වෙහෙසකර වූත්, ආතතිය දනවනවූත් ක්‍රීයාවක් වන්නේ දිනපතා නිවෙස් අතුගෑමයි. මෙය කොසු මඟින් සිදු කිරීම තවත් අපහසු ක්‍රීයාවකී. නමුත් ඔබගේ නිවස වඩාත් පහසුවෙන් සහ කාර්යක්ෂමව පිරිසිදු කරගැනීම වර්තමානයේ ඇති ස්වයංක්‍රීය Vacuum Cleaner මගින් පිළිවන. මෙලෙස ස්වාධීනව හා ස්වයංක්‍රීයව ක්‍රීයාකල හැකි, වෙළඳපලේ දැනට පවතින නවීන Vacuum Cleaner එකක් ලෙස Roomba 880 හැදින්විය හැක.

home5

                              --

Gayan Dassanayake
 

Comments

Name (Required)
Email (Required)
Comment (Required)