GitHub කියන්නේ මොකක්ද?

2015-02-15 04:31:50 By Ganidu

GitHub යනු  මෘදුකාංග සංවර්ධනය කිරීමට හා මෘදුකාංග කේත බෙදා ගැනීම සදහා අන්තර් ජාලය පදනම් කරගත් හොස්ටින් සේවාවකි. GitHub මගින්  විවෘත මූලාශ්‍ර මෘදුකාංග නිර්මාණය  සදහා නොමිලේ වෙනත් පුද්ගලයින්ගේ දායකත්වය ලබාගත හැකි අතර  GitHub පරිශීලිකයන් සමග එකට  කණ්ඩායමක් වශයෙන් හෝ තනි තනිව මෘදුකාංග සංවර්ධනය කළ හැක.

GitHub වෙබ් අඩවිය 2008 වසරේ Git පදනම් කරගෙන Tom Preston-Werner, Chris Wanstrath, හා PJ Hyett විසින් ආරම්භ කරන ලදී. 2014 වසරේ මෙහි පරිශීලිකයන් ගණන මිලියන 3.4 කට වඩා වැඩි විය. GitHub වෙබ් අඩවියේ ඇති මෘදුකාංග කේත පරීක්ෂා කිරීමට හා බාගත කිරීමට ලියාපදිංචි වූ හා ලියාපදිංචි නොවූ පරිශීලිකයන් හට අවස්ථාව ලබා දේ. GitHub මත ඇති සියළුම ව්‍යාපෘති සංවර්ධනය සදහා  git command-line interface එක භාවිතා කළ හැකි අතර සම්මත git commands සමග එය ක්‍රියා කරයි.

 

github

Comments

Name (Required)
Email (Required)
Comment (Required)