Google Helpouts සේවාව නවතා දැමේ.

2015-02-14 04:48:34 By Ganidu

Google සමාගමේ වීඩියෝ මගින් උපකාරක සේවා සැපයීමේ සේවාවක් වූ Google Helpouts සේවාව 2015 අප්‍රේල් මස 20 දින සිට නවතා දැමීමට Google සමාගම කටයුතු කර තිබෙනවා.

මෙම Google Helpouts සේවාව මගින් මුදල් ගෙවා හෝ නොමිලේ සෞඛ්‍ය, විලාසිතා, සංගීතය, රූපලාවන්ය , විලාසිතා හා ඉවුම් පිහුම් වැනි  විවිධ මාතෘකා ඔස්සේ වීඩියෝ මගින් උපකාර ලබාගත හැකි අතර මෙහිදී උපකාර ලබා දෙන අයට ඒ සදහා ආදායමක්ද ලබාගත හැකියි.

Google සමාගම අපේක්ෂා කළ පරිදි මෙම සේවාව ජනප්‍රිය නොවීම Helpouts සේවාව වසා දැමීමට හේතු වී තිබෙනවා. 2015 නොවැම්බර් මස 01 දින දක්වා Google Takeout  භාවිතයෙන් ඔබේ Helpouts ඉතිහාසය බාගත හැකියි

 

 

google helpouts

Comments

Name (Required)
Email (Required)
Comment (Required)