Facebook වෙතින් ඉන්දියාවට නොමිලේ අන්තර්ජාල පහසුකම්

2015-02-11 01:04:33 By Ganidu

Facebook හි Internet.org ව්‍යපෘතිය  මගින් ඉන්දියාවේ ප්‍රාන්ත 06 කට ( තමිල්නාඩු , මහරාෂ්ඨ, ආන්දා ප්‍රදේශ්, ගුජරාටි, කේරළ, හා  ටැලන්ගනා ) නොමිලේ අන්තර්ජාල පහසුකම් ලබාදී තිබෙනවා.  මෙලෙස නොමිලේ අන්තර්ජාල පහසුකම් ලබාදී ඇත්තේ Reliance Communications සමාගමේ පාරිභෝගිකයන් සදහායි.  මෙම නොමිලේ ලබාදෙන අන්තර්ජාල පහසුකම් පුවත්, සෞඛ්‍ය, ප්‍රවාහන, රැකියා, ක්‍රීඩා, සන්නිවේදන හා රාජ්‍ය තොරතුරු යන අංශ ආවරණය වන පරිදි තොරාගත් සීම්ත වෙබ් අඩවි සංඛ්‍යාවක් සදහා ලබාදෙන අතර මෙම සේවාව ලබා ගැනීමට Internet.org app එක භාවිතා කළ යුතුයි.

මීට පෙර  Internet.org ව්‍යපෘතිය  ඝානා, සැම්බියාව, කෙන්යාව, කොලොම්බියාව හා ටැන්සානියාව යන රටවල් වල ආරම්භ කරන ලදි.

internetorg-app

Comments

Name (Required)
Email (Required)
Comment (Required)