Google Play මත Adware වර්ගයේ වැඩසටහනක් සොයාගනී.

2015-02-04 01:53:56 By Ganidu

Avast ආයතනය මගින් Google Play මත Adware වර්ගයේ වැඩසටහනක් සොයගත් බව ඔවුන් විසින් නිකුත් කළ නිවේදනයක සදහන් වෙනවා. Durak නමි card game app එක මගිනුයි මෙම Adware වර්ගයේ වැඩසටහන පැතිර යන්නේ. මෙම Durak නම් card game app එක මේවන විට මිලියන  5 -10 අතර ප්‍රමාණයක් ස්ථාපනය කරගෙන ඇති බව Google Play හි දත්ත පෙන්නුම් කරනවා.

මෙම card game app  එක ස්ථාපනය කරගත් විට ඇන්ඩ්රොයිඩ් ස්මාර්ට් ෆෝන් එක අන්ලොක් කළ විට පරිශීලකයන් හට පැමිණෙන අනතුරු ඇගවීමේ පණිවිඩයක් ලෙස මෙම Adware වර්ගයේ දැන්වීම් ප්‍රදර්ශණය වෙනවා.

මීට අමතරව IQ test හා  history app යන Android app දෙකද Adware වර්ගයේ වැඩසටහන් ආසාදනය වී ඇති බව සොයාගෙන තිබෙනවා. මේ වන විට Adware වර්ගයේ වැඩසටහන් ආසාදනවූ මෙම Android app සියල්ල Google Play මතින් ඉවත් කර තිබෙනවා.

 

durak-game-gp

  

 

Threats-detected-malcious-apps-300x261

Comments

Name (Required)
Email (Required)
Comment (Required)