LibreOffice 4.4 නිකුත්කරයි.

2015-01-30 01:18:08 By Ganidu

Open Source කාර්යාලීය යෙදුම් මෘදුකාංගක් වන LibreOffice හි 4.4 සංස්කරණය නිකුත්කර තිබෙනවා.  මෙම සංස්කරණයද  Linux, Mac OS X හා Windows යන මෙහෙසුම් පද්ධති සමග ක්‍රියාකරන අතර මුදල් ගෙවීමකින් තොරව LibreOffice මෘදුකාංගය නොමිලේම ලබාගත හැකියි.

මෙම සංස්කරණය තුල  OOXML ගොණු විවෘත්ත කිරීමේ ගැටළු විසදීම සදහා Microsoft  සමාගමේ font වර්ග දෙකක් වූ Calibri හා Cambria යන fonts වෙනුවට Carlito හා Caladea නමින් නව font වර්ග දෙකක් හදුන්වා දී තිබෙනවා.  Microsoft Visio, Microsoft Publisher,  AbiWord files හා  Microsoft Works spreadsheets ගොණු විවෘත්ත කිරීමේ හැකියාව මෙම සංස්කරණය තුල වැඩිදියුණු කර තිබෙනවා.

Adobe Pagemaker, MacDraw, MacDraw II හා  RagTime  ගොණු විවෘත්ත කිරීමේ හැකියාවද මෙම සංස්කරණය තුල ඇතුලත් කර තිබෙනවා.

PDF  ලෙස ගොණු ලෙස පිටපත්කිරීමේදී Digital signing කිරීමේ හැකියාවද මෙහි අන්තර්ගතයි.

libreoffice44info

Comments

Name (Required)
Email (Required)
Comment (Required)