Microsoft විසින් Android හා iOS සදහා Outlook App එකක් නිකුත් කරයි.

2015-01-29 06:04:12 By Ganidu

Microsoft සමාගම විසින්  email client මෘදුකාංගයක් වන Outlook හි  Android හා iOS සදහා වූ App  නිකුත් කර තිබෙනවා. මෙම App එක Office 365, Exchange, Hotmail  , Yahoo! Mail හා  Gmail වැනි ඊමේල් සේව සදහා සහය දක්වනවා. Microsoft සමාගම විසින්  පසුගිය වසරේ  Acompli නම්  email client  App එක  ඩොලර් මිලියන 200කට  මිලදී ගත් අතර  එය මත පදනම්වයි මෙම Outlook App එක එළි දක්වා තිබෙන්නේ.  ඒ වගේම  මෙම Outlook App එක DropBox  හා OneDrive  වැනි cloud සේවා  සදහාද සහය දක්වනවා.

 

 

A-deeper-look-at-Outlook-for-iOS-Android-1

A-deeper-look-at-Outlook-for-iOS-Android-7-v2

Comments

Name (Required)
Email (Required)
Comment (Required)