HTML හැදින්වීම

2015-01-21 05:35:48 By Ganidu

HTML හෙවත්  HyperText Markup Language  යනු වෙබ් පිටු නිර්මාණයට ගන්නා සම්මත පරිගණක භාෂාවකි. HTML භාවිතා කර සරළ වෙබ් පිටුවේ සිට සංකීර්ණ වෙබ් පිටු දක්වා නිර්මාණය කළ හැකිය.  HTML වෙබ් පිටු නිර්මාණය කිරීම සදහා Note pad වැනි සරළ Text Edidor එකක් භාවිතා කළ හැකි අතර අවශ්‍යනම් Adobe Dreamweaver වැනි CoffeeCup HTML Editor වැනි මෘදුකාංගයක් වුවද භාවිතා කළ හැක. ලිනක්ස් මතදී නම් Bluefish , Amaya වැනි මෘදුකාංගයක් බාවිතා කළ හැක

.

සරළ HTML පිටුවක් නිර්මාණය කිරීම.

 

01. Notepad මෘදුකාංගය විවෘත්ත කර ගන්න.

02. එහි පහත කේතය ඇතුලත් කරන්න.

 
<!DOCTYPE html>
<html>
<head>
  <title>Page Title</title>
</head>

<body>

  <h1>Hello World !!</h1>

</body>

</html>




03. ඉන් පසු Notepad හි  File > Save as වෙත යන්න. එහි  Save කිරීමට කැමති නමක් දී file extension එක ලෙස .html යොදන්න. වෙබ් ලිපිනය තුල ප්‍රථමයෙන් විවෘත්ත විය යුත් HTML පිටුව index.html ලෙස භාවිතා කරයි.

 

04. HTML පිටුව Save කළ ස්ථානට වෙත ගොස් ඔබගේ වෙබ් පිටුව ඩබල් ක්ලික් කර විවෘත්ත කරන්න. එවිට පහත ආකාරයට ඔබ විසින් නිර්මාණය කළ වෙබ් පිටුව , වෙබ්  බ්‍රවුසරය තුල දිස්වේ.

 

html  

Comments

Name (Required)
Email (Required)
Comment (Required)