PHP Syntax

2015-01-21 03:15:50 By Ganidu

Syntax යනු ක්‍රමලේඛන භාෂාවක් භාවිතා කිරීමේදී අනුගමනය කළ යුතු රීතීන් හා සංකේතය. සරළව කිවහොත් භාෂාවක පවතින ව්‍යාකරණ වැනිය.

  • PHP script එකක් ගොනුවේ ඕනෑම ස්ථානයක භාවිතා කළ හැක.
  • PHP හි file extension එක වන්නේ “.php” .
  • ඕනෑම  PHP  ගොනුවක් .php ලෙස  save කළ යුතුය ( උදා :- yourfilename.php).
  • PHP ගොනුවක  HTML Tag සහ PHP script භාවිතා කරයි.
  • PHP script එකක් ආරම්භ කරන්නේ “” යන සංකේතයෙන්ය.
  • PHP statements එකක් සෑම විටම semicolon (;) එකකින් අවසන් කළ යුතුය.

  PHP ගොනු  compile කිරීමක් සිදු නොකරන අතර   web server තුල  පවත්වාගෙන යායුතුය. ඔබගේ  web server තුල  index.php යන ගොනුවක්  තිබේ නම් ඔබ විසින් වෙබ් බ්‍රවුසරය මගින් අදාල ගොනුව ඉල්ලා සිටිය යුතුය. ( උදා :- http://localhost/index.php   /  http://yourdomain/index.php ) මෙහිදී PHP ගොනුවේ output එක පමණක් දිස් වේ සරළ PHP වැඩසටහනක් මෙහි echo යනු php  function  එකක් වන අතර එය outputs සදහා භාවිතා කරයි.

 

<?php
echo "Hello World!";
?>

 

HTML  සමග භාවිතා කරන ආකාරය  

 

<html>

<head>

<title>My first PHP Programe</title>

</head>

<body>

<?php

echo "Hello World! This is my first PHP Programe ";

?>

</body>

</html>

 

Comments

Name (Required)
Email (Required)
Comment (Required)