PHP හැදින්වීම.

2015-01-21 03:10:18 By Ganidu

PHP යනු 1995 දී Rasmus Lerdorf  විසින් වෙබ් අඩවි සදහා  server-side scripting භාෂාවක් ලෙස නිර්මණය කරන ලද්දකි.  නමුත් මෙය ක්‍රමලේඛන භාෂාවක් ලෙසද භාවිතා කරයි. වර්ථමාණයේ PHP යනු වෙබ් අඩවි නිර්මාණය කිරීමේ ඡනප්‍රිය භාෂාවක් වන අතර 80% කට වැඩි ප්‍රමාණයක් භාවිතා කරනු ලබයි. PHP කේත පහසුවෙන් HTML සමග භාවිතා කළ හැකි අතර PHP  ගොනුවල File extension  එක “.php” ලෙස භාවිතා කරයි. Windows, Linux, Unix, Mac OS  වැනි ඕනෑම මෙහෙයුම් පද්ධතියක් සමග PHP වැඩසටහන් ක්‍රියාකරවිය හැකි අතර Apache, IIS වැනි සර්වර්ද PHP සදහා සහය දක්වයි. PHP පරිගණකයේ ස්ථාපනය කර ගැනීම සදහා පළමුව web server වැඩසටහනක් ස්ථාපනය කරගත යුතු අතර ඉන්පසු PHP ස්ථාපනය කරගත යුතුය. Php  වැඩසටහන් ලිවීම සදහා notepad වැනි සරල text editor එකක් භාවිතා කළ හැක. අවශ්‍යනම් Dreamweaver වැනි මෘදුකාංගයක් වුවද භාවිතා කළ හැක. වලදී  Geany  වැනි මෘදුකාංගයක් භාවිතා කළ හැක.

Comments

Name (Required)
Email (Required)
Comment (Required)