Baiscopelk වෙබ් අඩවියේ හිමිකරුවන්ට නොතේරෙන ඔවුන් කරන වැරැද්ද ?

2015-01-17 04:20:27 By Ganidu

මෙය Baiscopelk  වෙබ් අඩවියට මඩ ගැසීමක් හෝ ඔවුන් සිදුකරනා සේවාව හෙලා දැකීමකිවත් නොවේ.Baiscopelk  යනු ශ්‍රී ලංකාවේ සිංහල උපසිරසි ලබාදෙන ජනප්‍රිය වෙබ් අඩවියක්.  Baiscopelk  වෙබ් අඩවියේ පළ කර ඇති ලිපියකින් කියවෙන්නේ ඔවුන්ගේ වෙබ් අඩවිය ශ්‍රී ලංකාව තුල තහනම් කිරීමට යන පුවතකි.  Baiscopelk  වෙබ් අඩවිය ශ්‍රී ලංකාව තුල තහනම් වුවද එය පුදුම වීමට කාරණයක් නොවේ. මක් නිසාදයත් ඔවුන් විසින් සිංහල උපසිරසි ලබාදෙන ගමන් සිදුකරන්නා වූ නීති විරෝධී ක්‍රියාවයි. එනම් Baiscopelk  වෙබ් අඩවියේ හිමිකරුවන් විසින් ඔවුන් ලබාදෙන්නා වූ උපසිරසි සමග නොමිලේම ඊට අදාල චිත්‍රපටියත් බාගත කිරීමට ලබාදීමයි.

තමාට කිසිදු හිමිකමක් හෝ අවසරයක් නොමැති චිත්‍රපටියක්  නොමිලේ බෙදාහැරීමට හෝ විකිණීමට නීතියෙන් හැකියාවක් නොමැත. Baiscopelk  වෙබ් අඩවිය සිදුකරන්නේ වෙනත් අය විසින් අන්තර්ජාලයට එකතු කරන ලද චිත්‍රපටිවල බාගත කිරීමේ සබැදි ලබාදීමයි.  එලෙස වෙනත් අය අන්තර්ජාලයට එකතු කරන ලද ඒවා යැයි පවසා ඔවුන්ට බේරීමට නොහැක. මක්නිසාද යත් ඔවුන් සිදුකරනුයේද නැවත එම චිත්‍රපටි බෙදාහැරීමය. අන්තර්ජාලයේ තිබෙන මෙවැනි චිත්‍රපටි බොහෝමයක් හොරට පිටපත්කරන ලද ඒවා හෙවත් හොර බඩුය. මෙවැනි චිත්‍රපටි  නොමිලේ බාගත කිරීමට ලබාදීම නිසා Baiscopelk  වෙබ් අඩවියේ හිමිකරුවනුත් සොරුන් වී හමාරය.

පසුගිය අවුරුදු කිහිපය පුරාම මෙවැනි තමාට කිසිදු හිමිකමක් හෝ අවසරයක් නොමැති දෑ නොමිලේ බාගත කිරීමට ලබාදුන් වෙබ් අඩවි සදහා ගත් නීතිමය පියවර පිළිබද පුවත් අන්තර්ඡාලයේ දක්නට ලැබිණි. උදාහරණයක් ලෙස  isoHunt   , The Pirate Bay , mega upload වැනි වෙබ් අඩවි තහනම් වූවා පමණක් නොව ඒවාහි හිමිකරුවන් අත්අඩංගුවටද පත්විය. ඉන්දියාවේ songs.pk , guruji වැනි වෙබ් අඩවි උසාවි නියෝග මත තහනම් විය.

වර්ථමානයේ DMCA ගැටළු පවතින වෙබ් අඩවි සෙවුම් යන්ත්‍ර විසින් තමන්ගේ සෙවුම් ප්‍රතිථල තුලින් ඉවත් කිරීම සිදුකරණවා.  ඒ වගේම Domain Name එක ඉවත් කරන්නත් Hosting, Server පහසුකම් නැවැත්වීමේ හැකියාවත් පවතිනවා.

Baiscopelk  වෙබ් අඩවිය මගින් සිදුකළ යුත්තේ තමන් සිදුකරන වැරැද්ද සාධාරණීය කරනය කිරීම නොව තමන්ගේ සිංහල උපසිරසි සමග චිත්‍රපටි බාගත කිරීමේ සබැදි ලබා නොදී සිටීමය.

baiscopelk

Comments

Name (Required)
Email (Required)
Comment (Required)
බ්ලැක් පැන්තර් 2015-01-22 05:51:45
මෙහෙමයි, දැන් හැමෝම කතා කරන්නෙ අපි මේ ටොරන්ට් දෙන එක ගැනනේ... හැබැයි ඔබතුමා ලංකාවේ හිටියා නම් දකින්න ඇති ඉස්සර ඉදන්ම ලංකාවේ අලුතෙන්ම එන චිත්‍රපටි( සිංහල චිත්‍රපටිද ඇතුළුව) DVD වලට ගහලා විකුණනවා. හරියටම බැලුවොත් හුඟක් අය ෆිල්ම් බලන්නෙ මෙහෙම අපි දෙන ලින්ක්ස් වලින් බාලා නෙවෙයි. ඔය DVD අරගෙනයි බලන්නෙ... ඉතින් මුලින්ම මේ බයිස්කෝප් තහනම් කරන්න කලින් ඔය DVD වලට ගහලා විකුණන ඒවා ගැන හෙව්වොතින් තමා වටින්නෙ. අනික මොකද ඒ මිනිස්සු ඒ DVD නිකන් විකුණන්නේ නෑනේ. හොඳ ගානකුත් හම්බකරනවනේ. නමුත් අපි මේක කරන්නෙ සතයක්වත් අරගන්නෙ නැතුව අපි අතින් කාගෙන. ඉතින් ඒ අය මේ සයිට් එක ගැන පයිරසි කතාකරන්න කලින් අර DVD ගැන බැලුවොතින් හොඳයි තමා කියලයි මගේ අදහස... අනික අර විමා කියන්නා වගේ සබ් එක විතරක් දීලා දාන්න පුළුවන්. නමුත් කීයෙන් කීදෙනාද අර කියන්නා වගේ හරි ටොරන්ට් එක තෝරාගන්න දන්නෙ... :/ ... බලමු ඉස්සරහට මොකක්ම හරි කරමුකෝ.... :)
විමා 2015-01-21 10:23:42
චිත්‍රපට පිටපත් ලබාදීම නම් නීති විරෝධී වැඩක් තමා :( ඒත් ඉතිං අපේ කට්ටියට සබ් එක විතරක් දීලා ෆිල්ම් එක හොයාගනිල්ලා කිවුවොත් සබ් එකට ගැලපෙන චිත්‍රපට පිටපත හොයගන්න දන්නේ කියෙන් කීදෙනාද, ඒකෙනුත් පරණ ෆිල්ම් වල සීඩ්ස් තියන කොපියක් හොයාගන්න පුළුවන්කමක් තියෙන්නේ කීදෙනාටද ඔහොම ගැටළු නිසා තමා උපසිරසත් එක්කම ටොරන්ට් එකත් දෙන්න වෙලා තියෙන්නේ :( බයිස්කෝප් සාමාජිකයෙක් හැටියට හොඳටම දන්න කරුණත් ඕක උපසිරස විතරක් ලබාදෙන එකත් ප්‍රශ්නයක් වෙන්නේ ඔන්න ඕකයි
විරාජ් 2015-01-21 06:26:08
වැරැද්දේ ඔය කියන ප්‍රමාණය ඔවුන් නොදන්නවා කියලා හිතන්න අමාරුයි. නමුත් ඔවුන් වෙබ් අඩවියක් හැටියට ලංකාවේ චිත්‍රපට බලන බහුතර පිරිසකට කරන්නේ සේවාවක් කියන එක පිළිගන්නම වෙනවා. වැදගත් කාරණය වන්නේ, ඔවුන් චිත්‍රපට සඳහා සබැඳි ලබා දීම වෙනුවෙන් හෝ, සිංහල උපසිරැසි ලබා දීම වෙනුවෙන් මුල්‍යමය ලාභයක් ලබන්නේ නැහැ. එහෙව් එකේ, පයිරසි සම්බන්ධයෙන් කතා කරන ඔබතුමන්, ඔය කියන චිත්‍රපට හොර පිටපත්ම, ඩී,වී.ඩී තැටි විදියට පිටපත් කරලා සමාජය ඉදිරියේ මුදල් සෙවීම සම්බන්ධයෙන් කතා කරනවා නම් වඩා හොඳයි.
Harindu Jayakody 2015-01-17 10:56:05
ඔයා කියන එකට එකග වෙන්න අමාරුයි. මොකද බයිස්කෝප් එකෙන් ලින්ක් නොදුන්නත් ලංකාවේ කරන තියෙනවා නිතිය උල්ලන්ගනේ කරන ඒවා. ඇයි බයිස්කෝප් එකටම මෙහෙම කරන්න යන්නේ. ඔය ප්‍රශ්නේ ආවේ අර "PK" Film එකෙන්. මේක ගැන හොයලා හොදයි.
ධීෂාන් 2015-01-17 05:33:40
මේක ඉරිසියාව නෙමේ. කවදාහරි දවසක ඔයත් හදපු චිත්‍රපටියක් , මෘදුකාංගයක් අන්තර්ඡාලයේ නොමිලේ බාගතකරගන්න දුන්නොත් ඔයා එහෙම කියන එක්ක නෑ.
darana pitagedara 2015-01-17 05:12:26
api film ekak balawata thiyena irisiyaawa